තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමේ අරමුණින්, තම අත්අඩංගුවේ සිටින එම සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායක මුල්ලා අබ්දුල් ඝානී නිදහස් කිරීමට පාකිස්තාන රජය සූදානම් වෙයි.
ඉකුත් 9 වැනිදා ද පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය,අත්අඩංගුවේ සිටි තලේබාන් සාමාජිකයන් කිහිප දෙනකු නිදහස් කළ බව ද වාර්තා විය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා දීමට කැප වීම අගමැති ෂරීෆ්ගේ ඡන්ද පොරොන්දුවකි.
ෂරීෆ් සහ ඔහුගේ රජය සාමය වෙනුවෙන් කැප වන්නේ නම්, සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් බව පාකිස්තාන තලේබාන් නායකයෝ පවසා ඇත. පාකිස්තාන රජය සාම කතා ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඒ අනුවය.
තලේබාන් සංවිධානය හිසරදයක් වී ඇති ඇෆ්ගනිස්තානය ද මේ වනවිටත් එම සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව ද පාකිස්තාන අගමැති ෂරීෆ් පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පියවරක්... (ස)