තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීමේ අරමුණින්, තම අත්අඩංගුවේ සිටින එම සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායක මුල්ලා අබ්දුල් ඝානී නිදහස් කිරීමට පාකිස්තාන රජය සූදානම් වෙයි.
ඉකුත් 9 වැනිදා ද පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය,අත්අඩංගුවේ සිටි තලේබාන් සාමාජිකයන් කිහිප දෙනකු නිදහස් කළ බව ද වාර්තා විය.
තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පවත්වා, පවතින අර්බුදයට දේශපාලන විසඳුමක් සොයා දීමට කැප වීම අගමැති ෂරීෆ්ගේ ඡන්ද පොරොන්දුවකි.
ෂරීෆ් සහ ඔහුගේ රජය සාමය වෙනුවෙන් කැප වන්නේ නම්, සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් බව පාකිස්තාන තලේබාන් නායකයෝ පවසා ඇත. පාකිස්තාන රජය සාම කතා ආරම්භ කිරීමට සූදානම් වන්නේ ඒ අනුවය.
තලේබාන් සංවිධානය හිසරදයක් වී ඇති ඇෆ්ගනිස්තානය ද මේ වනවිටත් එම සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීම සඳහා, එරට රජයට හැකි සෑම අයුරින්ම සහාය දෙන බව ද පාකිස්තාන අගමැති ෂරීෆ් පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් නායකයා මුදා හරින්න පාකිස්තාන රජය තීරණය කරයි
දම් Wednesday, 18 September 2013 03:36 PM
හොඳ පියවරක්... (ස)