IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ත‍්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා එපා

ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවූ ‘සාම කාර්යාලයට’ ඇෆ්ගන් වැසියන්ගෙන් විරෝධයක් එල්ල වෙමින් පවතී.
එම ‘සාම කාර්යාලයට’ විරෝධය පාමින් කාබුල් නුවර විරෝධතා රැලියක් ද පැවැත් වුණු අතර, ඊට දහසකට ආසන්න පිරිසක් රැස්ව සිටියහ.
වසර 12 ක් තිස්සේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරමින් අහිංසක වැසියන් දහස් ගණනින් අමු අමුවේ මරා දැමූ තලේබාන් සංවිධානය සමඟ සාම කතා අවශ්‍ය නැති බවත්, යුද්ධයෙන් ඔවුන් පරාජය කළ යුතු බවත් විරෝධතාවට එක් වූ පිරිස ඇෆ්ගන් රජයට පැවැසූහ.
ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ප‍්‍රමුඛ රජය වසර කිහිපයක සිට උත්සහ ගත්තේ තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමටය. ඒ සඳහා ඇෆ්ගන් රජය සාම මණ්ඩලයක් ද පිහිටුවීය.
තලේබාන් සංවිධානය බටහිර සහ කටාර් රාජ්‍යයේ සහාය ඇතිව, සාම කාර්යාලයක් පිහිටුවූයේ මීට මාස කිහිපකට පෙරය. ඇමෙරිකාව දැන් එම කාර්යාලය හරහා තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානමින් සිටී.
ඇමෙරිකා රජයත්, ඇෆ්ගන් තලේබාන් සංවිධානයත් අතර ආරම්භ කිරීමට නියමිත එම සාම කතාවලට ඇෆ්ගන් රජයෙන් ද බාධා එල්ල විය. ඒ, ඇෆ්ගන් රජයෙන් සහ ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් එල්ල වූ විරෝධයක් නිසාය.

 



අදහස් (0)

තලේබාන් ත‍්‍රස්තවාදීන් සමඟ සාම සාකච්ඡා එපා

ඉශාන් Thursday, 04 July 2013 04:36 PM

සාකච්චා එපා . යුද්දය නවත්තන්න වෙන්නේ යුද්දෙන්ම තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site