ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කිරීමට පාලක කොංග‍්‍රස් පක්ෂයය ප‍්‍රමුඛ රජය පෙරේදා (30) තීරණය කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් යැයි ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය චෝදනා කරයි.
ආන්ද්‍රා ප‍්‍රාන්තයේ තෙලගනා පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කෙරුණේ පෙරේදා (30) ය. ඒ අනුව, එය ඉන්දියාවේ 29 වැනි ප‍්‍රාන්තය වන අතර එහි අගනුවර වනු ඇත්තේ ද හයිද්‍රාබාද් නුවරය.
තෙලගනා පළාතේ වැසියෝ එම පළාත වෙනම ප‍්‍රාන්තයක් ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටියේ මීට මාස ගණනාවකට පෙර සිටය. එහෙත් කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය මේ වනතුරුම ඒ ගැන කිසිදු සැළකිල්ලක් නොදැක් වූ බවට භාරතීය ජනතා පක්ෂය වැඩි දුරටත් කියා සිටී.
කොංග‍්‍රස් පක්ෂය මේ වනවිට දැඩි ලෙස ජනතා අප‍්‍රසාදයට ලක් වී ඇත. ඒ දිනෙන් දින ඉහළ යන රජයේ දූෂණ වංචා හේතුවෙනි. ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය කොංග‍්‍රස් පක්ෂයට අවාසි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd