මිනිසුන් තිරිහන් කිරීමේ සමත් සංයෝගයක් නුදුරේදීම එළිදැක්වීමට හැකි වනු ඇතැයි ඇමරිකා හා ඕස්ටේ‍්‍රලියා පර්යේෂක කණ්ඩායමක් පවසයි.
මෙම පර්යේෂක පිරිස දැනට මීයන් යොදාගනිමින් මෙම තිරිහන් කිරීමේ කි‍්‍රයාවලිය අත්හදා බලා ඇති අතර එය සාර්ථක වී ඇති බව සදහන්ය.
වාර්තා වන ආකාරයට වසය මාස 18 ක් වන මීයෙකු වයස මාස 6 ක් වන මිීයෙකු දක්වා ‘‘තිරිහන්‘‘ කිරීමට ඔවුන් සමත්ව ඇත.
තිරිහන් වීමේ රහස ඇත්තේ සෛලවල පිහිටන ඉන්ද්‍රයිකාවක් වන මයිටකොන්ඩි‍්‍රයා වල බව පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයෙකු වන නිව්සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඬේවිඞ් සින්ක්ලෙයාර් පවසයි.මයිටකොන්ඩි‍්‍රයා යනු සෛලයක ශක්ති බලාගාරය ලෙෂ කි‍්‍රයාකරන්නකි. සෛලයක සියලූ කි‍්‍රයාකාරකම් වලට ශක්තිය සපයන්නේ මෙම ඉන්ද්‍රයිකාවයි.
කල් ගත වීමේදී මෙම ඉන්ද්‍රයිකාව හා ෙසෙලය අතර ඇති සබදතාව ක‍්‍රමයෙන් බිද වැටෙන බව පර්යේෂණ වලින් අනාවරණයව ඇත.මෙනිසා අවසානයේ සිදුවන්නේ ෙසෙලය මිය යාමයි.සෛල එකින් එක මෙසේ මියයාම යනු වයස්ගත වීමයි.
මේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ ෙසෙල මිය යා නොදී මයිටකොන්ඩි‍්‍රයා හා සෛල අතර සබදතාව නොකඩවා පවත්වාගන්නේ කෙසේද යන්න සොයාබැලීමයි.
‘‘මෙම කි‍්‍රයාවලිය හරියට බැදපු ජෝඩුවක් වගේ තමා.මුල් කාලයේදී ඔවුන් දෙදෙනා සිටින්නේ හරිම සතුටින් නමුත් පස්සේ කල් ගත වීමේදී ඒ සතුට නැති වෙලා යනවා.හේතුව තමයි දෙදෙනා අතර තිබිච්ච හොද සබදතාවය කාලයත් එක්ක හීන වීම.නමුත් එම සබදතාවය ශක්තිමත්ව පවත්වාගන්න පුලූවන්නම් අන්න එතකොට ඔවුන් දෙදෙනා බැදපු අලූත වගේම හැමදාටම ඉදිීවි.අපේ පර්යේෂණ වල පදනම වුනෙත් මේ කියන සවිමත් සබදතාවයි‘‘ මහාචාර්ය ඬේවිඞ් සින්ක්ලෙයාර් පවසයි.
මයිටකොන්ඩි‍්‍රයා හා සෛල අතර සබදතාව පවත්වාගනු ලබන්නේ ‘‘නිකොටිනමයිඩි ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් ‘‘ නම් සංයෝගයක් යැයි සොයාගැනීමට සමත්ව ඇති පර්යේෂක පිරිස කර ඇත්තේ එම සංයෝගය මීයන්ට එන්නත් කර බැලීමයි.ඔවුන් අපේක්ෂා කළ පරිදිම මීයන් ‘‘තිරිහන්වී‘‘ තිබේ.
‘‘සෛල මියයාම හොදින්ම හදුනාගත හැකි වන්නේ මාංශ පේෂි වල.සෛල මිය යනකොට ඒවා දුර්වල වෙනවා.අපි වයස්ගත මීයන්ට නිකොටිනමයිඞ් එන්නත් කරලා බලපුවහම ඔවුන්ගේ මාංශ පේෂි යළිත් සවිමත් වනවා දැකගත හැකි වුණා.මාස 18 ක වයස මීයෙක් මාස 6 ක් වයසැති මීයෙක්ගේ තත්ත්වයට පත්වුනේ ඉතාම ඉක්මනින්‘‘ මහාචාර්යවරයා කියයි.
කෙසේ වුවත් මිනිස් භාවිතයට ගත හැකි වන සේ සංයෝගය වැඩිදියුණු කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව සදහන්ය.
‘‘මා කියන්නේ නැහැ අප සම්පූර්ණයෙන්ම මිනිහෙක් තිරිහන් කරන්න පුලූවන් සංයෝගයක් සොයාගත්තා කියලා.නමුත් සෛල මියයානොදී පවත්වාගැනීමට පුලූවන් කියන්නේ තමන්ගේ ආයුකාලයත් එක්තරා අයුරකින් දික් කර ගැනීමක් තමා.වයස 150 කියන්නේ ඉස්සරහට වයස 50 වගේ වුනොත් මම පුදුම වන්නේ නැහැ‘‘ මහාචාර්ය සින්ක්ලෙයාර් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (අ)
ලෝකේ විනාසය ලගයි
අපේ දේශපාලකයෝ ටික මේක දැක්කොත් නම් අනාගත පරපුරම අනාගෙන අතින් අරන් තමයි යන්න වෙන්නේ! (අ)
තවම මරණයට බෙහෙතක් හොයාගෙන නැහැ නේද? ඒක හොයා ගත්තු දවසට මං සතුටු වෙනවා. (ත)
තිරිහන් වේවිද! තිරිසන් වේවිද! මන්දා (අ)
ඔය මොනවා කලත් ඇතිවන සියලු දේ නැතිවෙනවමයි කියන සදාතනික දහමට පිටින් යන්න කාටවත් බැහැ අනේ ! (අ)
මිනිසා අසීමිත බුද්ධියක් ඇති සත්ව කොටසකි. මෙවැනි සොයා ගැනීම් වල ප්‍රතිපල ලෙස ඉදිරියේදී, නොමැරී සිටීම , මැරුණු අය පන ගැන්වීම් වැනි දේද සොයා ගත හැකිවෙයි. විශ්වාස කල හැක. නමුත් මේ සියලු දේ සංසාරය දික් කරගැනීමකි. මෙයින් ඇති වන්නේ දුකක්ම මිස අනෙකක් නොවේ.(නදී)
සීටිං ,මාටිං, සුදානමින් සිටීන්!(දිල්)
ලෝකය උඩු යටිකුරු කරන සොයා ගැනීමක් වෙයි මේක.(නදී)
රොසලින් අක්කේ, ජොසපිනා අක්කටත්, අපේ මාමලා ටිකටත් කියාපන් අදම.(නදී)
බෞද්ධ දර්ශනය ඉදිරියේ මේ ගොල්ලන්ට හතර ගාතෙන් වැටෙන්න තමයි වෙන්නේ. මේ ගොල්ලන්ට මරණය නවත්තන්න පුලුවන්ද? මැරුණු තැනැත්තාට පණ දෙන්න පුලුවන්ද? (ත)
සිල් ගන්න කවුරුවත් නැතිවෙනවා.(නදී)
අනේ ඉක්මන් කරන්න මට දැනටම පනහයි.(නදී)
අනේ අපේ කාන්තාවන්ට වෙන දේ? (ත)
මමත් කොහොම හරි ඔය බෙහෙත ගන්නවා ? මටත් තරුණ වෙන්ඩ ඕනා (අ)