IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතක

ඇමෙරිකා ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කර තිබුණු ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායමක් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (30) තීරණය කිරීම මඟීන් ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත ලොවට හෙළි වූයේ යැයි ඉරාන රජය චෝදනා කරයි. ‘පීපල්ස් මුජහිදීන් ඔෆ් ඉරාන්’ නමැති එම ආයුධ සන්නද්ධ ඉරාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ඉරානයේ ද තහනමට ලක් කර ඇත. ඉරානයෙන් පිටුවහල් වී විදේශවල ජීවත් වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන් විසින් පිහිටුවනු ලැබූ එම සංවිධානයේ නායකයන් ඇමෙරිකා රජයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ත‍්‍රස්ත ලැයිස්තුවෙන් එම සංවිධානය ඉවත් කිරීමට ඇමෙරිකා රජය තීරණය කර ඇත. ඇමෙරිකා රජයේ වගකීම් විරහිත මෙවැනි කි‍්‍රයා අප රජය හෙළා දකින බවත්, අනාගතයේදී ලොව පුරා සිදුවන ත‍්‍රස්තකි‍්‍රයාවල වගකීම අමෙරිකාව බාර ගත යුතු බවත් ඉරාන විදේශ අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම සංවිධානය 1960 දශකයේදී ඉරාන පාලනයට එරෙහිව පිහිටුවා ගනු ලැබූවකි. 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව බලයට පත් පාලකයන්ට එරෙහිව මෙම සංවිධානය අවි අතට ගත්තේය. ත‍්‍රස්ත ලැයිස්තුවෙන් සිය නම ඉවත් කිරීම පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානය කියා සිටියේ මේ වන විට තමන් අවි බිම තබා ඇති බවත් වත්මන් ඉරාන පාලනය පෙරළා දැමීමට සාමකාමී දේශපාලන මාවතකට එළඹ ඇති බවත්ය. ඉරාන රජය චෝදනා කර සිටින්නේ එරට වැසියන් දහස් ගණනකගේ මරා දැමීමට මෙම සංවිධානය කටයුතු කර ඇති බවත් ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ කුලී හේවායන් ලෙස ඔවුන් කි‍්‍රයා කර ඇති බවත්ය.



අදහස් (0)

ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකාව දෙබිඩි පිළිවෙතක

සුසන්ත - ඉතාලිය Wednesday, 03 October 2012 01:33 PM

අනාගතයේදී සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා වලට පමණක් නෙමේ අතීතයේ සිදුවූ දේටත් වග කියන්න ඕනේ ඇමරිකාවම තමා.... නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ කියලවනේ. දුප්පත් අපිට ඉතින් බලාගෙන ඉන්න විතරයි පුළුවන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site