ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා එක්සත්ජාතින්ගේ සංවිධානයේ  ත්‍රස්ත්‍රවාදය පිටුදැකීමේ ආයතනය වෙත  සෞදි අරාබියේ අබ්දුල්ලා  රජු විසින් ඩොලර් දස කෝටියක්  පරිත්‍යාග කැර ඇති බව  ඇරැබි නිවුස් පුවත්පත කියයි.

 පසුගිය ඉරිදා පැවති  දුරකතන සාකච්ඡාවකදී මෙම  පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වා  ඇති එක්සත්ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්  බැං කි මුන්  මහතා සෞදි රජය වෙත සිය ස්තූතිය පුද කැර ඇත.