ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ෆාමසියකට හිටි හැටි කඩා වැදුණ තාරාවෝ පනස් දෙනෙක් නිසා එහි මහා කලබලයක් ඇති විය.

මෙසේ පැමිණි තාරාවන් එළියට දැමීමට සේවයකයන් කොපමණ උත්සහ කළත් එය නිශ්ඵල කාර්යයක් විය. පසුව තාරාවන් එළියට දැමීමට පොරි පැකට් කඩා එළියට දැම්මේය. එවිට තාරවන් සියල්ල ඒවා කෑමට එළියට ගියහ.

තාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදු නොවුනත් ‘මඩ කකුල් පාරවල්‘ නිසා ෆාමසිය වසා සෝදා දැමීමට ඔවුන්ට සිදු විය.