දකුණු අප්‍රිකාවේ පයින්ටවුන් නගරයේ මාර්ග සංඥා නොතකමින් ධාවනය කළ ට්‍රක් රථයක ගැටුණු 22 දෙදෙනෙක් අනතුර සිදුවූ ස්ථානයේදීම මරුමුවට පත් වූහ.
තුවාලකරුවෝ රැසක්ද රෝහල් ගත කරනු ලැබ සිටිති.
මෙය දකුණු අප්‍රිකාවේ සිදුවූ දරුණුතම රිය අනතුරක් ලෙස සැළැකේ.
ට්‍රක් රථය වාහන කිහිපයක් පොඩි පට්ටම් කරගෙන ධාවනය වී තිබීම නිසා මෙසේ ඔවුන් මියගොස් ඇත.මෝටර් රථ හා වෑන් ඇතුළු රථවාහන 4 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි වාර්තා වේ.
අනතුරට හේතුව ලෙස හෙළිවී ඇත්තේ ට්‍රක් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීමයි. ට්‍රක් රථයේ රියැදුරා පොලිස් අත්අඩංගුවේ පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිංග ප්‍රශ්නයක් නම් මොනවා කරන්නද? මං හිතුවේ එහෙත් ප්‍රාදේශීය සභා තියෙනවා කියලා. (නදී)
ශාහ්හ්හ්, ගාමිනිත් අප්‍රිකාවේ ගිහින් තියනව වගේ අප්පේ (දී)
මේ අප්‍රිකාවේ ඉන්න රියදුරන්ගේ කිසිම විනයක් නැ. කොයි වෙලෙත් තදියම මමත් දවසක් අනුනාමයෙන් බේරුනේ . අපරාදේ අහිංසක මිනිස්සු.(නදී)
මේක ට්‍රක් එකක් වෙන්න බැහැ. කෝච්චියක් වෙන්න ඕනෑ. (නි)