තුර්කියේ හටගෙන ඇති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දිනෙන් දින උත්සන්න වීමත් සමඟ එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (4) ජනතාව අමතමින්
කියා සිටියේ, ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බවය.
2011 වසරේ දී ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ පැවැති රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් නම් කළේ ‘අරාබි වසන්තය’ ලෙසය.
නේටෝ සාමාජික රටක් වන තුර්කියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ඇරැඹුණේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කිරීමත් සමඟය.
එම උද්ඝෝෂණවලට මුලින්ම එක් වූයේ සරසවි සිසුන්ය. ඊයේ (4) වනවිට ඊට එරට වෘත්තීය සංගම් ද එක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
තුර්කි අගමැති වහාම ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, එම විරෝධතා ඇරැඹිණි. විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා රැුලියක් පැවැත් වූ බවත් එම පිරිසට බැටන් ප‍්‍රහාර එල්ල වූ බවත් වාර්තා විය.
කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය. තුර්කි අගමැතිවරයා පවසා ඇත්තේ කොතරම් බාධා ආවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය.
|
තුර්කි අගමැති |
2025 නොවැම්බර් මස 04
399
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තුර්කියට අරාබි වසන්තයක් උදා වෙන්න ඉඩ දෙන්නේ නෑ
ද සිල්වා බෙර්ලින් Wednesday, 05 June 2013 05:40 PM
මෙතුමා ඉස්තාන්බුල් නගරයේ තිබෙන උද්‍යානයක් සාප්පූ සංකීර්ණයක් හදන්න හිතවතෙකුට කුණු කොල්ලෙට විකුණලා එම නිසා ජනතාව මෙතුමාට විරුධව පාරට බැහැලා.(නදී) ,