IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තුර්කිය සීමා ලිහිල් කරයි

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.

තුර්කියේ විශාල නගරවල මෝටර් රථ ගමනා ගමනයට අවසර දීමටත් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමටත් එරට බලධාරීහු පියවර ගත් අතර අවන්හල්, ආපනශාලා සහ ඉස්තාන්බුල් නුවර ‘ග්‍රෑන්ඩ් බසාර්’ වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර දුන්හ. ඉස්තාන්බුල් නුවර ‘ග්‍රෑන්ඩ් බසාර්’ යනු ලොව විශාලම සහ පැරැණිම සංවෘත වෙළෙඳපොළවලින් එකකි.

මෙය කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලින් පසු තුර්කිය එම සීමා ලිහිල් කිරීම සඳහා ගත් විශාලම පියවරවලින් එකක් විය.

සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව තුර්කියේ වාණිජ කේන්ද්‍රස්ථානය වන ඉස්තාන්බුල් නුවර මාර්ග තදබදය ද ඉහළ ගියේය. ‘කොවිඩ්-19’ වසංගතයෙන් තුර්කි ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුවිය. තුර්කි වැසියෝ කාලයකට පසු ඊයේ රැකියා සඳහා පැමිණියහ.
තුර්කිය ඉකුත් මාසයේදී කර්මාන්තශාලා විවෘත කළ ද රජයේ සේවකයන් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මෙන්ම කඩසාප්පු ද විවෘත කෙරුණේ ඊයේ දිනයේදී ය.

තුර්කියෙන් අද (1) පස්වරු වනවිට ආසාදිතයන් 1,63,942 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 4,540ක් ලෙස දැක්විණි.

රොයිටර්

055 

 



අදහස් (0)

තුර්කිය සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site