විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන්නැයි තුර්කි අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් කළ ඉල්ලීම නොසළකා ඊයේ (10) එරට අන්කාරා නුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත් වුණු අතර විරෝධතාකරුවන් සහ කැරැලිමර්දන පොලිස් නිලධාරීන් අතර දරුණු ගැටුම් හටගත්තේය.
අගමැති එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන ලෙසටත්, කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙසටත් විරෝධතාකරුවන් ඉල්ලා සිටින අතර අගමැතිවරයා පවසා ඇත්තේ එය කිසිසේත් සිදුනොවනු ඇති බවය. මේ හේතුව නිසා විරෝධතා උත්සන්න විය.
තුර්කියේ විරෝධකා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේදීය. ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙද්දීය.
මේ වනවිට තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා පවසා තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි