තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් ඊයේ (3) ද දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් පැවැත් වුණු අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම්වලින් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
|
අත්අඩංගුවට ගැනුණු විරෝධතාකාරියක් |
මේ වනවිට 1,700 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදුවිය.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට පහර දී අලාභහානි සිදු කළ බව ද වාර්තා වේ. විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ අගමැති එඞ්රෙගොන් ධුරයෙන් ඉවත් විය යුතු බවය.
ඊයේ දිනයේදී ද විරෝධතාකරුවන් අගමැති කාර්යාලය ඉදිරියට ගොස් ඊට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සහ කළ නමුත් පොලිසිය මැදිහත්වීමෙන් එය වැළැකිණි.
මේ අතර කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය.
තුර්කි අගමැතිවරයා පවසා ඇත්තේ කොතරම් බාධා ආවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය.
|
විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් |
2025 දෙසැම්බර් මස 18
652
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
319
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි
ගමගේ Tuesday, 04 June 2013 11:22 AM
ලෝකෙම උණුසුම් වෙලා
මුතුකුඩ Wednesday, 05 June 2013 02:50 AM
අඥාන මිනිසුන් පිරිසක් දියුණුවේ රහස දන්නේ නැත. දැන ගත්තත් කරන්න දෙන්නේ නැත.(නදී)