තුර්කි අගමැති රිසෙප් ටයියිප් එඞ්රෙගොන්ට ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින්, එරට ඉස්තාම්බුල් නුවර තක්සිම් චරස‍්‍රයට රැුස්වී සිටින විරෝධතාකරුවන් සහ කැරැුලි මර්දන පොලිස් නිලධාරීන් අතර ඊයේ (14) යළිත් වරක් දරුණු ගැටුම් හටගත් අතර, එරට පුවත් සේවා වාර්තා කළේ තක්සිම් චතුරස‍්‍රය එකම යුද පිටියක් වූ බවය.
එම ගැටුම් ඇවිළී ගියේ, පැය 24 ක් යෑමට පෙර තක්සිම් චතුරස‍්‍රයෙන් විරෝධතාකරුවන් පලවා හරින්නැයි අගමැති එඞ්රෙගොන් පොලිසියට අණ කිරීමත් සමඟය.
ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ තක්සිම් චරස‍්‍රයට රැුස්වී එහි කඳවුරු බැඳගෙන සිටින සහසකට වැඩි විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පන්නා දැමීමට රබර් උණ්ඩ, කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර සහ ගම්මිරිස් ප‍්‍රහාර එල්ල කිරීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
විරෝධතා නවත්වා සාමකාමීව හැසිරෙන ලෙසටත්, තක්සිම් චරස‍්‍රයෙන් ඉවත් වන ලෙසටත් තුර්කි අගමැති අවස්ථා කිහිපයකදී විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි නමුත් විරෝධතා නතර නොවිණි.
අගමැතිවරයා විරෝධතා කරුවන්ට නායකත්වය දෙන සරසවි සිසුන් සහ වෘත්තීය සමිති නායකයන් සමඟ සාකච්ඡුා පැවැත්වීමට ද උත්සහ කළ නමුත් එය ද අසාර්ථක විය.
තුර්කි අගමැතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතා ඇරැුඹුණේ ඉකුත් සති අන්තයේදීය.
ඒ, ඉස්තාම්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සූදානම් වීමත් සමඟය. මේ වනවිට තුර්කියේ සෑම ප‍්‍රධාන නගරයකම පාහේ විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ.
COMMENTS
ඉතුරු වෙලා තියෙන්නේ ගල්ෆ් රටවල් ටිකයි ඉන්දුනීසියාව,මැලේසියාව වගේ පැසිෆික් රටවල් ටිකයි විතරයි.මගේ එකම පැතුම එටිකටත් ඉක්මනටම මේ යුද වසංගතේ පැතිරේවා.(අ)
අරාබින් කොතනද එතන යුද්ධ ... (නි)
මාත් කැමතියි මෙහෙම වෙනවාට (නි)
ඇයි තව පොහොර දාන්න ඇමරිකාවත් ඉන්නේ (නි)