තුර්කි විරෝධතාකරුවන් හමුවී සාකච්ඡුා කර, පවතින අර්බුදය විසඳීමට තමන් සූදානම් යැයි එරට අගමැති රිසෙප් ටයිප් එඞ්රෙගොන් ඊයේ (11) ජාතිය අමතමින් කියා සිටියේය.
තුර්කියේ විරෝධතා ආරම්භ වූයේ ඉස්තාන්බුල් නුවර උද්‍යානයක වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට රජය සැරසෙද්දීය.
මුලින් ඊට සහභාගී වූවෝ සරසවි සිසුවෝය. දැන් එය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැුල්ලක් ලෙස වර්ධනය වී තුර්කිය පුරා පැතිරී ගොස් ඇත. දැන් ඊට වෘත්තීය සංගම් ද එක් වී සිටී.
තමා කිසිම අවස්ථාවක ධුරය හැර නොයන බවත්, මහ මැතිවරණයක් නොපවත්වන බවත් අගමැතිවරයා පවසා ඇත. එපමණක් නොව ටියුනීසියාවේ, ලිබියාවේ සහ ඊජිප්තුවේ සිදුවූවාක් මෙන් ‘අරාබි වසන්තයක්’ තුර්කියට උදා වීමට ඉඩ නොදෙන බව ද අගමැතිවරයා අවධාරණය කර ඇත.
2011 වසරේ දී ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ පැවැති රාජ්‍ය විරෝධී ජනතා නැගී සිටීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් නම් කළේ ‘අරාබි වසන්තය’ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජවාදී සමාජයක් වෙනුවෙන්!(නදී)