තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා පෙරේදා (31) මදුමාලායි අලි අනාථාගාරයේ හදිසි සංචාරයකට ගිය අවස්ථාවේදී ඇය අලි පැටවකුගේ ප‍්‍රහාරයකට ලක් වූවාය.
මහ ඇමැතිනී ජයලලිතා මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ එම අලි පැටවාට කෑම කැවීමට ගිය අවස්ථාවේදීය.
අවුරුදු දෙකක් වයසැති එම අලි පැටවා පළමුවෙන් මහ ඇමැතිනිය තල්ලූ කිරීමට පටන් ගෙන ඇති අතර ඉන්පසු ඌ ප‍්‍රචණ්ඩකාරී වී ඇත.
එම අවස්ථාවේ ඇය වටකරගෙන සිටි ආරක්ෂක නිලධාරීන් වහා ඇය අලි පැටවාගෙන් බේරා ගෙන එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත. අලි පැටවාගේ ප‍්‍රහාරයෙන් මහ ඇමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවිණි.
චෙන්නායිහිදීය.