මොරොක්කෝවේ මේඩි වන් රූපවාහිනී සේවයේ පුවත් විකාශය අතරතුරදී සිදුවූයේ අපූරු දෙයකි.

නිවේදිකාවගේ පසුපසින් පැමිණි කුඩා ගැහැණු දරුවෙකු ප‍්‍රවෘත්ති මේසය මතය ජංගම දුරකථනයක් විසි කර වහා වහා පලා ගියාය.

හෙළිව ඇති ආකාරයට එම දරුවා නිවේදිකාවගේ දුවණියයි.මව රටටම පෙනෙන්නට පුවත් කියවමින් සිටිනා බව නොදැන ඇය මවගේ ජංගම දුරකථනය ඇයට දීමට පැමිණ ඇත.

පුවත් කියවීමට මෙය බාධාවක් කර නොගත් මව තම දුවණිය දෙස අමනාපයෙන් බැල්මක් එල්ල කර පසුව මුවගින් සිනාසුනාය.

කලබල නොවී තම රාජකාරිය කිරීම නිසාවෙන් ඇය නියම වෘත්තිකයෙකු යැයි

ප‍්‍රවෘත්ති විකාශය අවසන් වීමෙන් පසු කාර්යාල සගයෝ ඇයව පැසසූහ.