ඇනවුම් කරන දෙයට නොව රැදී සිටිනා කාලයට මුදල් අය කරනා තේපැන් ශාලාවක් ජර්මනියේ විස්බාඩන් නගරයේ ඇත.

තේපැන්හලට ගොඩවන අයෙකුට කෝපි,බිස්කට් ආදී තමන්ට කැමති ඕනෑම දෙයක් ලබා ගත හැකිය.ඒවාට මුදල් අයනොකෙරේ. නමුත් ලබාගත් ආහාර භුක්ති විදීමට පුටුවක වාඩි වන වේලාවේ සිට පිටව යන වේලාව දක්වා වන කාලයට මුදල් අය කැරේ.

අවශ්‍ය නම් පිටතින් ආහාර රැගෙන ඒමටද අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇත.ආහාර ගැනීමෙන් නොනැවතී ස්ක්‍රැබල් වැනි ක්‍රීඩාවන්හි යෙදීමට,අන්තර්ජාලයේ සැරීමට හැකිය.පිටව යන විට රැදී සිටි වේලාව අනුව මුදල් ගෙවිය යුතුය.

අලූතෙන් ආරම්භ කළ තම තේපැන්හලට පාරිභෝගිකයන ‘‘අද්දවා‘‘ ගැනීමේ අරමුණින් මේ ක්‍රමය හදුන්වාදීමට තමන් කටයුතු කළ බව හිමිකාරිනී ඩාරියා කියයි.මුලදී කිසිවෙකුටත් මෙය නොතේරුණු බවත් දැන් දැන් තේපැන්හලට වැඩි වැඩියෙන් පුද්ගලයින් පැමිණෙන බවත් ඇය පවසයි.