ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනවට එරට සෙනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
ණය සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබූ අතර හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි.
ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට සහාය නොදෙන්නැයි ද ඊට විරුද්ධව ඡන්දය පළ කරන්නැයි ද හිටපු ජනාධිපතිවරයා රිපබ්ලිකන්වරුන්ට අවධාරණය කර තිබිණි.
ණය සීමාව තාවකාලිකව හෝ වැඩි නොකළහොත් ඇමෙරිකාව තුළ රාජ්‍ය මූල්‍ය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ද ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයට පත්වූ වසරේ දීම ෆෙඩරල් කටයුතු සියල්ල අකර්මන්‍ය වනු ඇතැයි රාජ්‍ය නිලධාරීන්, ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් අනතුරු ඇඟවූහ.
මේ තත්ත්වය මධ්‍යයේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් කිහිපදෙනකුගේ සහාය ඇති ව අදාළ යෝජනාව සම්මත කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. ඩිමොක්‍රටික් පක්ෂයේ සියලු දෙනා අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර ඊට රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයෝ 11 දෙනෙක් ද එක්වූහ.
අවසාන ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 50ක් ද විරුද්ධව ඡන්ද 48ක් ද ලැබී තිබිණි. ඩිමොක්‍රටික් පක්ෂය යෝජනාවට ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය.
අදාළ නව යෝජනාවට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය සීමාව ඇමෙරිකානු ඩොලර් බිලියන 480කින් ඉහළ නැංවේ. ඇමෙරිකාවේ වත්මන් ණය සීමාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 28.4ක අගයක පවතී.
‘ද නිව්යෝක් ටයිම්ස්’
2025 නොවැම්බර් මස 04
642
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ණය සීමාව වැඩි කිරීමේ යෝජනාවට අනුමැතිය