
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත විජේරත්න මහතා සියදිවි නසා ගැනීමට කලින් ලියා තිබූ පිටු පහක ලිපියෙන් මෙම සිද්ධියට වගකිවයුතු බවට චෝදනා නගා තිබූ මහනුවර කෝටිපති ව්‍යාපාරිකයාගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් ගත් බව පොලිසිය සඳහන් කරයි.
කෝටිපති ව්‍යාපාරිකයාට කරන ලද දැනුම් දීමක් අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කර තිබෙන ගම්පොළ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම හමුවේ ඊයේ උදේ එකොළහට පමණ පෙනී සිට ඇති අතර එම ප්‍රශ්න කිරීම් සවස තුන දක්වා සිදු කළ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.
සිද්ධියට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව එම කෝටිපති ව්‍යාපාරිකයා මුදාහළ බව පොලිසිය කියයි.
පිළිමතලාව ප්‍රදේශයේ ඉපැරණි වලව්වක් විකිණීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ මෙම කෝටිපති ව්‍යාපාරිකයා අතර ආරවුලක් තිබී ඇති අතර වලව්ව සහිත ඉඩම මතක දී කෝටි දෙකහමාරකට විකුණා ඇතත් එය කෝටි පහකට විකිණීමට බලාපොරොත්තු ව සිට ඇතැයි පරීක්ෂණවලින් තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
351
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යටිනුවර ත්‍රිපුද්ගල මරණයට කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙන් ප්‍රකාශයක්
Chathuri Friday, 01 August 2025 01:31 AM
අද මේ තත්වය මේ පව්ලට උදාවුනේ. ණය බර නිසා. දැන් ඉස්සර වගේ නෙමේනේ මන්ත්‍රි, ඇමැති වුණත් වැඩක් නැහැ. දැන් කප්පම් ගන්න බැහැ. හොරා කන්නත් බැහැ. අද සජිත් ජනාධිපති වුණා නම් මේ පව්ල අදටත් ජීවත් වෙනවා. මොකද ජනතාවගේ මුදල්... ජනාධිපති අර මුදලේ මුදල් මේ සේරම තමන්ට කැමැති විදියට ගන්න... පුළුවන් දැන් ඉතින්... මැරෙන්න තමයි වෙන්නේ. වෙන මොනවා කරන්නද? තවත් මේ වගේ මරණ සිදුවෙයි... මැති ඇමැතිවරුන්ගේ... රටක නීතියක් දැන් තියෙනවා. මොන විදියටවත් හොරා කන්න බැහැ. ඉස්සර දාපූ ශෝ දැන් දාන්න ණයට තමයිගන්න වෙන්නේ... මේ වගේ අයට ණයට නොදී ඉන්න පරිස්සම් වෙන්න...!
ගුණරත්නFriday, 01 August 2025 05:48 PM
කාට හරි ජේපි මානසිකත්වය මොකක්ද කියලා තේරුම් ගන්න මේ චතුරි නෝනාගේ උත්තරය කියවන්න. එතුමිය පරමාදර්ශීය ජෙප්පියක්. කුහක ජෙපිකම උතුරනවා. මේ වගේ අවස්ථාවක මෙහෙම කමෙන්ට් දාන්නත් පුළුවන් ඔය විදිහේ උන්ටම තමයි.
Pradeep Kumara Friday, 01 August 2025 08:56 AM
ව්‍යාපාරිකයා වරදක් කර ඇත්නම් එරික් මහතාගෙන් නම් ගැලවීමක් නෑ. මෑත කාලයේ පොලිස් සේවයේ ඉන්න කොන්දක් ඇති නිළධාරියෙක්.