ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් පෙරේදා (3) පාකිස්තානයේ මිරන්ෂා නුවර නිවසකට මිසයිල ප්රහාරයක් එල්ල කළ අතර එයින් සිවිල් වැසියෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.
දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන රජය ඇමෙරිකාවට දොස් පවරා ඇත.
පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් අගමැති ධුරයට පත්වූ අවස්ථාවේ සිටම කියා සිටියේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd