IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන වැසියන් මියගිහින්: අගමැති ෂරීෆ් ඇමෙරිකා තානාපතිට දොස් කියයි

නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ඇමෙරිකන් හමුදාව සිදු කළ මිසයිල ප‍්‍රහාරයකින්, පාකිස්තාන සිවිල් වැසියන් නව දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ්, ඊයේ (9) ඉස්ලාමාබාද් අගනුවර සිටින ඇමෙරිකා තානාපති කැඳවා එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය.


ඇමෙරිකා හමුදාව එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල කළේ පෙරේදා (8) ය.    ඒ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ තලේබාන් තිප්පොලක් ඉලක්ක කර ගනිමිනි. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන්ට අමතරව, සටන්කාමීන් මියගියේදැයි යන්න මෙතෙක් වාර්තා වී නැත.
පාකිස්තාන නව අගමැති ලෙස ෂරීෆ්, පසුගිය දා තෙවැනි වරට දිවුරුම් දුන් අවස්ථාවේදී ඇමෙරිකාවට කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදාව, අනවසරයෙන් පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.
ඇමෙරිකාව සිදුකරන එම ප‍්‍රහාර, පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ද නව අගමැති ෂරීෆ් වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා හමුදාව පාකිස්තානයේ සිදුකරන එම ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනපති හමුවී සාකච්ඡුා කිරීමට තමා සූදානමින් සිටින බව ද අගමැති ෂරීෆ් පවසා තිබේ.



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන වැසියන් මියගිහින්: අගමැති ෂරීෆ් ඇමෙරිකා තානාපතිට දොස් කියයි

ශ්‍රීලාල් Monday, 10 June 2013 05:53 AM

මේ වගේ දේවල් වලට මානව අයතිවාසිකම් අදාළ නැද්ද? (නි)

:       0       0

ඉන්දික බහ්රින් සිට Monday, 10 June 2013 04:37 PM

මානව හිමිකම් ගැන කතා කරන ඇමෙරිකාව මේවට කතා කරන්නේ නැහැ.නව අගමැති කියන කතාව හරි .එයාලගේ ප්‍රශ්නය එයාලට විසදා ගන්න දෙන්න ඕනෑ.පකිස්ථානය කියන්නෙත් යුද අතින් බලවත් රටක්.මේ විදියට ඇමෙරිකාව හැම රටටම අත දාලා පාලනය අවුල් කරලා ඒ රටවල සම්පත් හුරා කන එකයි කරන්නේ (නි)

:       0       0

සෙන්සා Monday, 10 June 2013 08:41 AM

අමෙරිකාවට ඔනෑම තැනකට බෝමිබ දාන්න පුලුවන් කියල නීතියක් තියනවාද දන්නේ නෑ. අනිත් රටවල් නිවටයන් විදියට සලකලා වැඩකරන්නේ. මානව ධර්මතා වලට පටහැනි දේවල් වහාම නවත්තන්න. රජයක් විදියට කාගේ ජීවිතත් වටිනවා කියන පොදු සරළ ධර්මය පිළිපදින්න ඕනෑ. නැතිනමි දඩුවමි බරපතල වෙනවා.(නදී)

:       0       0

රාණි Monday, 10 June 2013 10:03 AM

ඇමරිකාව මේ බෝම්බ දැමිල්ල නවත්තන්න ඕන කියල හිතනවා නම් පාකිස්තානේ තමන්ගේ රටේ ඉන්න ත්‍රස්තවාදියෝ මර්දන කිරීම බාර ගත යුතුයි. නමුත් වෙන්නේ අපේ රටේ උනා වගේ එහෙ ඉන්න දුෂිත පාලකයෝ යුද්දේ වවාගෙන කන එක. එකෙන් මේ ත්‍රස්තවාදියෝ ලෝකෙටම බෝවෙනවා. එකයි ඇමරිකාව වැඩේට බැහැලා ඉන්නේ.(නදී)

:       0       0

සුභසිංහ Monday, 10 June 2013 10:07 AM

ඉතින් ඇමරිකාවට යන්න කියලා ඔබ තුමාලා හරියට කරන්නකෝ. එහෙම නොකර ත්‍රස්තවාදියොත් එක්ක ඩීල් දාන්න ගිහාම තමා ලෝකේ අනික් රටවල් වලට අතදමන්න වෙන්නේ.(නදී)

:       0       0

විමල් Monday, 10 June 2013 10:36 AM

සිවිල් ත්‍රස්තවාදියෝ මෙහෙත් හිටියා දිගටම කරගෙන යන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site