නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගෙන ඇමෙරිකන් හමුදාව සිදු කළ මිසයිල ප‍්‍රහාරයකින්, පාකිස්තාන සිවිල් වැසියන් නව දෙනකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ්, ඊයේ (9) ඉස්ලාමාබාද් අගනුවර සිටින ඇමෙරිකා තානාපති කැඳවා එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය.

ඇමෙරිකා හමුදාව එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල කළේ පෙරේදා (8) ය. ඒ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාව අසල පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ තලේබාන් තිප්පොලක් ඉලක්ක කර ගනිමිනි. ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන්ට අමතරව, සටන්කාමීන් මියගියේදැයි යන්න මෙතෙක් වාර්තා වී නැත.
පාකිස්තාන නව අගමැති ලෙස ෂරීෆ්, පසුගිය දා තෙවැනි වරට දිවුරුම් දුන් අවස්ථාවේදී ඇමෙරිකාවට කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා හමුදාව, අනවසරයෙන් පාකිස්තාන ගුවන් සීමාව උල්ලංගනය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.
ඇමෙරිකාව සිදුකරන එම ප‍්‍රහාර, පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් බව ද නව අගමැති ෂරීෆ් වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා හමුදාව පාකිස්තානයේ සිදුකරන එම ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනපති හමුවී සාකච්ඡුා කිරීමට තමා සූදානමින් සිටින බව ද අගමැති ෂරීෆ් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් වලට මානව අයතිවාසිකම් අදාළ නැද්ද? (නි)
මානව හිමිකම් ගැන කතා කරන ඇමෙරිකාව මේවට කතා කරන්නේ නැහැ.නව අගමැති කියන කතාව හරි .එයාලගේ ප්‍රශ්නය එයාලට විසදා ගන්න දෙන්න ඕනෑ.පකිස්ථානය කියන්නෙත් යුද අතින් බලවත් රටක්.මේ විදියට ඇමෙරිකාව හැම රටටම අත දාලා පාලනය අවුල් කරලා ඒ රටවල සම්පත් හුරා කන එකයි කරන්නේ (නි)
අමෙරිකාවට ඔනෑම තැනකට බෝමිබ දාන්න පුලුවන් කියල නීතියක් තියනවාද දන්නේ නෑ. අනිත් රටවල් නිවටයන් විදියට සලකලා වැඩකරන්නේ. මානව ධර්මතා වලට පටහැනි දේවල් වහාම නවත්තන්න. රජයක් විදියට කාගේ ජීවිතත් වටිනවා කියන පොදු සරළ ධර්මය පිළිපදින්න ඕනෑ. නැතිනමි දඩුවමි බරපතල වෙනවා.(නදී)
ඇමරිකාව මේ බෝම්බ දැමිල්ල නවත්තන්න ඕන කියල හිතනවා නම් පාකිස්තානේ තමන්ගේ රටේ ඉන්න ත්‍රස්තවාදියෝ මර්දන කිරීම බාර ගත යුතුයි. නමුත් වෙන්නේ අපේ රටේ උනා වගේ එහෙ ඉන්න දුෂිත පාලකයෝ යුද්දේ වවාගෙන කන එක. එකෙන් මේ ත්‍රස්තවාදියෝ ලෝකෙටම බෝවෙනවා. එකයි ඇමරිකාව වැඩේට බැහැලා ඉන්නේ.(නදී)
ඉතින් ඇමරිකාවට යන්න කියලා ඔබ තුමාලා හරියට කරන්නකෝ. එහෙම නොකර ත්‍රස්තවාදියොත් එක්ක ඩීල් දාන්න ගිහාම තමා ලෝකේ අනික් රටවල් වලට අතදමන්න වෙන්නේ.(නදී)
සිවිල් ත්‍රස්තවාදියෝ මෙහෙත් හිටියා දිගටම කරගෙන යන්න (අ)