IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ඩුබායි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කරයි

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැසුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ   ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කිරීමට එරට පාලක රජය පියවර ගෙන ඇත.
 
ලොව පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතයෙන් මැදපෙරදිග කලාපයටත් දැඩි බලපෑම් එල්ල වුණි.ඒ අතරට එක්සත් අරාබි එමීරයේ ඩුබායි රාජ්‍යයත් අයත් වේ.
 
කෙසේ වෙතත් වසංගත ව්‍යාප්තිය හමුවේ පැනවූ දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට ඩුබායි බලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.
 
ඒ අනුව ඇතැම් වෙරළ තීර ජනතාවට විවෘත කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.එය ඩුබායි වැසියන්ගේ ඉමහත් සතුටට හේතුවී ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර හා සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස ඩුබායි නගරය සැලකේ.කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු එහි මහජන උද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගැනුණේ ඉකුත් මැයි 13 වැනිදා සිටය.
 
එමෙන්ම හෝටල්වලට පැමිණෙන අමුත්තන්ට පුද්ගලික හිමිකාරීත්වය සහිත වෙරළ තීර වෙත පිවිසීමටත් අවසර හිමිවුණි.
 
මේ අතර සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.ඒ අනුව නිවසින් බැහැරට යාමේදී මුව ආවරණ පැළඳීමට පියවර නොගන්නේනම් ඔවුන්ට ඩිරාම් 3,000 ක් දක්වා වූ දඩ මුදලකට යටත් වීමට සිදුවනු ඇත.


කලීජ් ටයිම්ස් ඇසුරෙනි 


125



අදහස් (1)

ඩුබායි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කරයි

athula Friday, 05 June 2020 08:46 AM

රටටත්, ජනතාවටත් අැත්තටම අාදරය කරන පාලකයො ඉන්න රටක්... අපේ වගේ ටීවි එකේදියි, වේදිකාවේදියි විතරක් ජනතාවට අන්දන පාලකයෝ නොවේ.. ඔවුන් එ් වගේම බොරු ෂෝ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 91 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site