ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ බීබීසී පුවත් නාලිකාව සිදුකරන පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් තමා පැහැදීමකට පත් නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ කීවේ බීබීසී නාලිකාවට දොස් නගමිනි.
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් බීබීසී නාලිකාව පුවත් පළ කරන්නේ දූෂිත සහ වංචනික ලෙස බවත්, එයින් ජනතාව මුලා කෙරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.
ඉරාන යුද්ධයේ දී ඇමෙරිකාව ලබන ජයග්‍රහණ අවතක්සේරු කරන බවට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා බීබීසී නාලිකවට දොස් නගමින් වැඩි දුරටත් පවසා ඇත.
මේ අතර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට සහ ට්‍රම්ප් පරිපාලනයට අවාසි වන ආකාරයේ පුවත් පළ කරන මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කරන බවට ද ට්‍රම්ප් තර්ජනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd