ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත.
ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය නිරායුධ කළු ජාතිකයකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා නැවැත්වීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගත්තේය.
විරෝධතාකරුවන් විසිරුවා හැරීමට හමුදා කැඳවන්නේ යැයි ද එක් අවස්ථාවකදී තර්ජනය කළේය. විරෝධතාකරුවන් ධවල මන්දිරය ඉදිරිපිටද විරෝධතාවල නිරත වූ අතර එක් අවස්ථාවකදී කඳුළු ගෑස් මෙන්ම රසායනික ද්‍රව්‍යය ද යොදාගනිමින් විරෝධතාකරුවන්ට දැවන්ත ප්‍රහාරයක් එල්ල විය. ඡායාරූපයක් ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අසල තිබූ පල්ලියකට යෑමට පෙර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය එලෙස රසායනික ද්‍රව්‍ය සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකාවේ ෆෙඩරල් අධිකරණයක මෙම නඩුව පවරා තිබෙන අතර එහි මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින ‘ද ඇමෙරිකන් සිවිල් ලිබර්ටීස් සංවිධානය’යි.
බලහත්කාරයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරැදි යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නීතිපති විලියම් බාර් පවසා ඇත.
ජනාධිපතිවරයාගේ, නිලධාරීන්ගේ සහ රාජ්‍ය (ෆෙඩරල්) දේපළ ආරක්ෂා කරගැනීම සඳහා එලෙස කිරීමට සිදු වූ බව ද ඔහු පවසා ඇත.
අල්ජසීරා
ඡායාරූපය - ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දවසකටවත් මිනිස්සු ...ලෝක පොලිස් කාරයාටත් නඩු දැම්මා එහෙනම් ... තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතිනවායයි පැවසෙන සමහර රටවල මෙවැනි නිර්භීත කෙලින් වැඩකරන මිනිසුන් ඉපදුණු දිනක ඒ රටවල මෙවැනි නායකයන් සිටියොත්,ඔවුන්ට උණ ගැනේවි නේද අම්මපා ...
අපේ රටේ ජනාධිපති කෙනෙකුට මෙන්න කියල දායි... නඩුතියෙන නඩුවෙනුත් අයින් වෙන්න පුළුවන් අපූරු සාධාරණ නීතියක් තමයි තියෙන්නේ අපේම වාසනාවට. පැරදිලා ගෙදර ගියාමත් එහෙමයි. සහරාන් බෝම්බ ගසා කළ විනාශයට පියවර නොගත් සේනාධිනායකයා නිදැල්ලේ උනාට රටේ මුදල් වැය කොට කොමිසම් පත්කොට වැරැදි කරුවන් සොයනවා. නරි නාටක ...
තව කොච්චර නඩු දාන්න තියෙනවද? මැද පෙරදිග ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරමින් ඔවුන් සමූල ඝාතනය කරපුවටත් නඩු දාන්න ඕනේ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අස්ථාවර කරලා එක්කෝ ඇමරිකාවට අවනත රාජ්‍ය පාලකයින් (2015 ලංකාව) හෝ ඇමරිකන් පුරවැසියන් රාජ්‍ය පාලකයන් ලෙස පත් කිරීම (2019 ලංකාව) මගින් පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම් ගැනත් කතා කරන්න ඕනේ.
ට්‍රම්ප් නඩුවලට සැලෙන්නේ නැහැ. දැන් මේ ජනාධිපති වුනු හින්ද උසාවි ගානේ රස්තියාදු නොවුනට මිනිහට නඩු පිට නඩු. උසාවිය නිකන් ගෙදර වගේ. කි දෙනෙකුට කියල නම් කණු පොලු තියලද?
ඇමරිකාවේ මෙතෙක් පත්වූ අකාර්යක්ෂම සහ දුර්වලම පාලකයා ට්‍රම්ප්.. හරියට අපේ මෛත්‍රිපාල මහතා වගේ..
ජනාධිපති වුවත් ව්‍යවස්ථාව උල්ලංගනය කල හැකිද?
මොහුව ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන්න ඕනේ . මාධ්‍යවෙදීන්ට පහර දීම, රසායනික ප්‍රහාර, ජාතිවාදී ක්‍රියාමාර්ග, සුදු කොඩි අරන් අපු විරෝධතා කරුවන්ට වෙඩි තබන්න කියල අණකිරීම. මානව හිමිකම් උල්ලංගනය කිරීම්... ඉතාම බරපතලයි . ලංකාවේ නඩුවකුත් දාන්න ඕනේ , JVP එකයි අර පුරවැසි පෙරමුණයි එකතුවෙලා...
නොදියුණු රටවල් වල ඔහොම තමයි. අපේ වගේ දියුණු රටවල් වලනම් කඳුළු ගෑස් ගහලා වෙඩිත් තියල නාවලා හතර හන්දිත් කලා තමයි පොලිසිය විරෝධතා කරුවන්ව ගෙදර හරි ඉස්පිරිතාලවලට හරි යවන්නේ.
වැඩක් නැහැ නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේ ....
මේකෙ ලංකාවේ ඉඳගෙන ට්‍රම්ප් ගැන නොදන්න දේවල් කතාවෙන මෝඩයින්ට කියන්න තියෙන්නේ නොදන්න දේවල් කතා නොකර ඉඳපන් කියන එක විතරයි.