IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ට්‍රම්ප් රෝහල්ගත කරයි


 

කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත.

ඔහු ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානාවක් මගින් වෝල්ටර් රීඩ් රෝහල වෙත ගියබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහලට යෑමට පෙර ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, එහි තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි.

තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව ද ට්‍රම්ප් මහතා පවසයි.

ජනාධිපතිවරයා යහපත් තත්වයෙන් පසුවන බව ධවල මන්දිරයද ප්‍රකාශයක් නිකුත් කර ඇත.  

ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මහත්මියගේද සෞඛ්‍ය තත්වය යහපත් බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා වෙතින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර ඔහුට ඉතා අවම මට්ටමකින් උණ රෝගය රෝගය ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

-226
(බීබීසී ඇසුරෙනි)



අදහස් (3)

ට්‍රම්ප් රෝහල්ගත කරයි

Champa Saturday, 03 October 2020 09:29 AM

ට්‍රම්ප්ට කොරෝනා වැළඳීම ගැන ඇමරිකානුවන් විවිධ අදහස් දක්වනවා. සමහරු උපහාසාත්මකව කෝවිඩ්-19 වලින් ඉල්ලනවා, ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වැළඳුනු අනිකුත් ඇමරිකානුවන්ට දක්වපු "සානුකම්පාවම" ඔහුටත් දක්වන්න කියලා. ට්‍රම්ප් - බයිඩන් පළවෙනි විවාදයෙන් පස්සේ, කැනඩාවට සංක්‍රමණය වෙන්නේ කොහොමද කියලා ඇමරිකානුවන් කරපු ගූගල් සර්ච් කිරීම් ඉහළ ගිහින්ලු. සමහරුන්ගේ අදහස ජනාධිපතිවරණයෙන් පරදින බව දැනගෙන, පාලන බලය උප ජනාධිපති පෙන්ස්ට දීලා ට්‍රම්ප් ගෞරාන්විත සමුගැනීමක් කරන්න හදනවලු. බදුගෙවීම පැහැර හැරීම ඇතුළු ඔහුට අවාසි කතිකාවන් යටපත් කරන්න කෝවිඩ්-19 වැළඳුණු බව කියනවා කියලත් කියන අය ඉන්නවා. මෙච්චර කල් හැමතැනම ඇවිද්ද ඔහුට හරියටම විවාදයෙන් පස්සේ කොරෝනා වැළඳුණා කීම ජනතා අනුකම්පාව ගන්න කළ උපක්‍රමයක් කියන අයත් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන සමහරු කියනවා ඔහුට කොරෝනා වැළඳුණු බව සඟවා ගන්න හදලා මාධ්‍යවලට හසුවුණු හින්දා ඒ බව දැනුම් දුන්නා කියලා. ඔහු ගුවන් යානයට ගොඩ වෙනකොට ඔහුගේ සහායකයින් ට්‍රැවලින් බෑග්, බැක්පැක් අරන් යන දර්ශනය මිනිස්සු රවටන්නද ඇත්තටමද දන්නේ නැහැ. ලෝකයාට ඔහු එපා වෙලා... නමුත් තීරණය ඇමරිකානුවන් අතේ...

:       2       4

de silva Saturday, 03 October 2020 12:31 PM

කුමක් වුණත් ට්‍රම්ප් බලයේ ඉන්න එක ශ්‍රී ලංකාවට වාසිදායකය. ඔහුගේ ප්‍රතිවාදීන් වන ජෝ බේඩ්න්, කමල හැරිස්, හිලරි ක්ලින්ටන් පිල කොටි හිතවාදී ස්ථාවරයක සිටින පිරිසකි.

:       1       5

Bamunuarachchi Sunday, 04 October 2020 12:45 PM

මල්ලි දැනගත්ත ගමන් බෙහෙත් එවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site