
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රෝහල් ගතකර ඇත.
ඔහු ධවල මන්දිරයේ සිට හෙලිකොප්ටර් යානාවක් මගින් වෝල්ටර් රීඩ් රෝහල වෙත ගියබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝහලට යෑමට පෙර ඔහු වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබූ අතර, එහි තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට විශ්වාස කරන බව ඔහු සඳහන් කරයි.
තමාට උදව් කළ සියලු දෙනාට ස්තුතිය පළ කරන බව ද ට්‍රම්ප් මහතා පවසයි.
ජනාධිපතිවරයා යහපත් තත්වයෙන් පසුවන බව ධවල මන්දිරයද ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මහත්මියගේද සෞඛ්‍ය තත්වය යහපත් බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා වෙතින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අතර ඔහුට ඉතා අවම මට්ටමකින් උණ රෝගය රෝගය ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
-226
(බීබීසී ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ට කොරෝනා වැළඳීම ගැන ඇමරිකානුවන් විවිධ අදහස් දක්වනවා. සමහරු උපහාසාත්මකව කෝවිඩ්-19 වලින් ඉල්ලනවා, ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වැළඳුනු අනිකුත් ඇමරිකානුවන්ට දක්වපු "සානුකම්පාවම" ඔහුටත් දක්වන්න කියලා. ට්‍රම්ප් - බයිඩන් පළවෙනි විවාදයෙන් පස්සේ, කැනඩාවට සංක්‍රමණය වෙන්නේ කොහොමද කියලා ඇමරිකානුවන් කරපු ගූගල් සර්ච් කිරීම් ඉහළ ගිහින්ලු. සමහරුන්ගේ අදහස ජනාධිපතිවරණයෙන් පරදින බව දැනගෙන, පාලන බලය උප ජනාධිපති පෙන්ස්ට දීලා ට්‍රම්ප් ගෞරාන්විත සමුගැනීමක් කරන්න හදනවලු. බදුගෙවීම පැහැර හැරීම ඇතුළු ඔහුට අවාසි කතිකාවන් යටපත් කරන්න කෝවිඩ්-19 වැළඳුණු බව කියනවා කියලත් කියන අය ඉන්නවා. මෙච්චර කල් හැමතැනම ඇවිද්ද ඔහුට හරියටම විවාදයෙන් පස්සේ කොරෝනා වැළඳුණා කීම ජනතා අනුකම්පාව ගන්න කළ උපක්‍රමයක් කියන අයත් ඉන්නවා. ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන සමහරු කියනවා ඔහුට කොරෝනා වැළඳුණු බව සඟවා ගන්න හදලා මාධ්‍යවලට හසුවුණු හින්දා ඒ බව දැනුම් දුන්නා කියලා. ඔහු ගුවන් යානයට ගොඩ වෙනකොට ඔහුගේ සහායකයින් ට්‍රැවලින් බෑග්, බැක්පැක් අරන් යන දර්ශනය මිනිස්සු රවටන්නද ඇත්තටමද දන්නේ නැහැ. ලෝකයාට ඔහු එපා වෙලා... නමුත් තීරණය ඇමරිකානුවන් අතේ...
කුමක් වුණත් ට්‍රම්ප් බලයේ ඉන්න එක ශ්‍රී ලංකාවට වාසිදායකය. ඔහුගේ ප්‍රතිවාදීන් වන ජෝ බේඩ්න්, කමල හැරිස්, හිලරි ක්ලින්ටන් පිල කොටි හිතවාදී ස්ථාවරයක සිටින පිරිසකි.
මල්ලි දැනගත්ත ගමන් බෙහෙත් එවයි.