
ඩිමොක්‍රටික් ප්‍රතිවාදී ජනපති අපේක්ෂක ජෝ බයිඩන් මහතා සමඟ අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනී විවාදයට සහභාගි වීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඔක්තෝබර් 15 වැනිදා එය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.
ට්‍රම්ප් මහතාට කොරෝනා ආසාදනය වීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ විවාදය පැවැත්වීමට තීරණය කෙරිණි.
මේ වන විට ඔහු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් මහතා පවසන්නේ විවාදය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම සිය ප්‍රතිවාදියාට ආරක්ෂාකාරී පියවරක් වනු ඇති බවයි.
කෙසේ වෙතත් තමා විවාදයට සහභාගි වන බව බයි්ඩන් මහතා ප්‍රකාශ කරයි.
අමෙරිකානු ජනාධිපතිවරණය ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
(බීබීසී ඇසුරෙනි)
-226-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩිකාලයේ පන්තියේ පාඩම් පොත කියවන්න දෙන දවසට ඉස්කෝලේ නොයාඉන්න, සුදුළූණු ගෙඩියක් කිහිල්ලේ තියාගෙන බුදියගෙන, පසුවදා උදේට ඇඟ රත්වෙලා උණවගේ කියලා උනගැනෙන්න එනවා කියලා බොරු කියලා පාසල් නොයා උන්නු හැටි මතක් වෙනවා. ට්‍රම්ප් ලෙඩේ ගනිද්දිම මටනම් හිතුණා බොරුවක් කරන්නේ කියලා... ඔය විවාදෙන් ගැලවෙන්නයි, අඩුවෙන ප්‍රසිද්ධිය ආයෙත් ලබාගන්නයි. අපේ රටෙන් ඉගෙනගෙනවත්ද?