ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකර ටියුනීසියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට කුමන්ත‍්‍රණය කළ ඉස්ලාමීය සටන්කාමියකු සොයා ඝාතනය කිරීමට තම හමුදාව සමත් වූ බව ටියුනීසියා අගමැති අලී ලරායේද් ඊයේ (5) කියා සිටියේය.
අල් කයිඩාවට ද සම්බන්ධ එම සටන්කාමියා සොයා ඊයේ අලූයම ටියුනීසියා/ඇල්ජීරියා දේශසීමාව අසල ගම්මානයක වැටළීමක් සිදු කළ අවස්ථාවේදී ඔහු හමුදා සෙබළුන්ට කොටු වී වෙඩි තැබීමට පටන් ගත් බවත් හමුදාව පෙරළා ඔහුට පහර දීමේදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත් අගමැති අලී ලරායේද් වැඩිදුරටත් කියා සිටියේය.
මීට සති කිහිපයකට පෙර ටියුනීසියානු විපක්ෂ නායක මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතන සිද්ධියට සම්බන්ධ බව ද අගමැතිවරයා වැඩි දුරටත් කියා සිිටියේය
විපක්ෂ නායක මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනයත් සමඟ ටියුනීසියා රජයට එරෙහිව ජනතා විරෝධතා ඉස්මතු විය. එම විරෝධතා උත්සන්න වෙද්දී අගමැතිවරයා කීවේ දෙසැම්බරයේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් කටයුතු කරන බවය.
2025 දෙසැම්බර් මස 18
83
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටියුනීසියා හමුදා ප‍්‍රහාරයෙන් සටන්කාමියා මරුට