සතුටින් හා සැප පහසුවෙන් ජීවත් වන්නට සුදුසුම රට  ඕස්ටේ‍්‍රලියාව බව නවතම සමීක්ෂණයකින් හෙළිව ඇත.

වසරක් පාසා ජීවන තත්ත්වය මැනීම සදහා වන අන්තර්ජාතික සංවිධානය පවත්වන මේ සමික්ෂණයෙන්  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ පිටපිට තුන්වැනි වරටය. සමීක්ණය සිදු කිරීමට සංරචාක ලෙස භාවිතා කර ඇත්තේ ඒක පුද්ගල ආදායම,රැකියා අවස්ථා,නිවාස පහසුකම්,සෞඛ්‍ය පහසුකම්”ආයු අපේක්ෂාව ආදියයි.

දෙවැනි හා තෙවන ස්ථාන හිමිව ඇත්තේ පිළිවෙලින් ස්වීඩනයට හා කැනඩාවටය.ඇමරිකාවට හිමිව ඇත්තේ හය වැනි ස්ථානයයි.එසේ වුවද ඇමරිකා වැසියන් අන් රටවලට සාපේක්ෂව ඉහළ මට්ටමේ පහසුකම් භුක්ති විදින බව සමීක්ෂණය සිදු කළ ආයතනය කියයි.සමීක්ෂණයයෙන් තෝරාගෙන ඇති රටවල් 36 අතරට එකම දකුණු ආසියාතික රටක් ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයකි. ආසියාවේ බලවතුන් වන රුසියාව,චීනය,ඉන්දියාව යන රටවල්ද මේ රටවල් 36 අතර නොමැත.