IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරෙයි

ඇමෙරිකාවේ මිනසෝටාහි මිනියාපොලිස් නගරයේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළුජාතිකයාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතරවාරයේදී එම සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව  චෝදනා ගොනු කිරීමට ඇමෙරිකා පොලිසීය මේ වනවිට පියවර ගෙන තිබේ.

අමෙරිකානු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්කර සිටින පොලිස් නිලධාරීන් සිව්දෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබේ.
 
ඝාතනය සිදුකළ පොලිස් නිලධාරියාට අධි චෝදනා ගොනුකර ඇති අතර සෙසු නිලධාරීන් තිදෙනාට ඊට ආධාර අනුබල දීම යටතේයි චෝදනා ගොනුකර ඇත.
 
මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා එරට සිදුකෙරෙන සිවිල් උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ විරෝධතා පැවැත්වෙන්නේ පනවා ඇති ඇඳිරි නීතිය ද නොතකමින් වීම විශේෂත්වයකි .

කළු ජාතිකයින්ට අඩු සැලකිලි තිබූ අමෙරිකාවේ, දෛවෝපගත ලෙස ජනපති මන්දිරයට පිවිසි එරට පළමු කළු ජනාධිපතිවරයා වන බරක් ඔබාමා ඊයේ විරෝධතාකරුවන් ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළා.
 
කොවිඩ් ව්‍යාප්තියේදී මෙන්ම විරෝධතා පාලනයේදී ද කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රබල විවේචන එල්ල වෙමින් පවතියි.
 
මේ අතර අමෙරිකානු කළු ජාතිකයා ඝාතනයට ලක්වීමේ සිදුවීම පාදක කරගෙන මේ වනවිට වර්ණභේදවාදයට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා ක්‍රියාත්මකයි.


( ගාඩියන් ඇසුරෙනි )


125

 



අදහස් (6)

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට චෝදනා ගොනු කෙරෙයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 June 2020 01:12 PM

නිල ඇඳුම ඇඟලාගත් පොලිසිය හෝ සන්නද්ධ හමුදා භටයෙකු හෝ නිලධාරියෙකු තම බලයෙන් උඩඟු වී කටයුතු කරන්නේ නම්, කිසියම් දිනෙක ඔහුටද මෙවන් දඬුවමකට මුහුණ දීමට සිදුවිය හැකිය...

:       0       508

විජිත් Thursday, 04 June 2020 03:08 PM

සැබෑ වීරයන් බිහිවෙන්නේ කියා කියා නොවෙයි.. හදිසියේම. ඇත්තම කිවොත් වීරයා දන්නෙත් නැහැ ඔහු ' වීරයෙක්' ද කියලා. 'ෆේක්' වීරයන්.. එහෙමත් නැතිනම් ' ඩුප්ලිකේට් ' වීරයන් .. තමන් වීරයන් ලෙස තමන්ම හඳුන්වා ගනිද්දී.. සැබෑ වීරයන් සිටින්නේ පස් කඳු යටයි. සමහරවිට අහසට මුසුවුන දුම් වලා අතරයි. මේ අපි කතාකරන ජෝර්ජ් ෆ්ලොයිඩ් ගැන සමහර විට දැනගෙන හිටියේ එයාගේ නෑදෑ හිතමිතුරන් පමණක් වුනාට අද වෙනකොට මුළු ලෝකයම දන්නවා. කෘර පොලිස් නිලධාරියෙක් ඔහුගේ ගෙල පාගාගෙන සිටිද්දී ..ඔහු ඉතාම අපහසුවෙන් ..අමාරුවෙන්, කොඳුරපු." I can't breathe .." යන වචන අද අප හැමෝගෙම දෙසවන් වලට යවුලකින් අනින්නාක් මෙන් වේදනා දෙනවා. මියයන්නට මොහොතකට පෙර ව්‍යාජ ඩොලර් 20 නෝට්ටුවක ප්‍රශ්නයකට අපරාධ කාරයෙක් ලෙස චෝදනා ලබපු ඔහු ..මියගොස් මොහොතකින් " වීරයෙක් "වුනා.සංවේදී මිනිසුන්, ජාති , ආගම් ,හමේ පැහැය ..ආදී නිස්සාර භේදයන් නොසලකා ඔහුවෙනුවෙන් නැගිසිටියා.ඒ මහජන පිබිදීමට හැකිවුනා ලෝකෙටම ලොක්කා කියන රටේ ජනාධිපති භූගත බංකරයක සඟවන්නට. මනුෂ්‍ය ජිවිතයක වටිනාකම . ජාතිය, ආගම, වත්පොහොසත්කම, දේශපාලන මතය. වැනි දේ මත රඳා නොපවතිනබව ඔහු ලොවට පෙන්වූවා. ඇත්තටම ඔහු යුගයේ වීරයෙක්....

:       0       431

Prabha Thursday, 04 June 2020 03:19 PM

මමත් ජාතිවාදයට වර්ණ භේද වාදයට විරුද්ධයි. නමුත් අත්දැකීමෙන් දන්න දෙයක් නම් කිවයුතුයි. ලෝකයේ කොහෙත් කලු මිනිස්සු ටිකක් දරුණුයි.

:       230       72

KumarFriday, 05 June 2020 07:15 PM

සමේ පාට නිසා කෙනෙක් දරුනු වෙන්නේ නැහැ. ඇමෙරිකාවේ ඒ අයව අන්ත දුගී තත්වයට පත් කරලයි තිබෙන්නේ. සිදුවන අසාධාරණය නිසා තමා මේ තත්වයට පත්වුණේ. දෙවන ලෝක සංග්‍රාමයේදී ඉතා දක්ෂම ෆිටර් ගුවන්යානා නියමුවන් කණ්ඩායම වශයෙන් සැලකුවේ කළු නියමුවන්ගේ කණ්ඩායමයි. යුද්ධයට පසු ඒ අය ඉවත දැමුවා. ලංකාවෙත් අප්‍රිකාවෙන් පැමිණි අය ඉන්නවා. ඒ ගම්මානවල ඉන්න අය ඉතා කරුණාවන්ත වගයි මම අහල තිබෙන්නෙ. කළු කෝටිපති සිටියට දුප්පත් අයට උදව් කරන්නේ ටික දෙනයි. ඇමරිකාවේ ලොකුම බැංකුවක ප්‍රධානියා කලුජතිකයෙක්.

:       0       0

ලැවොයිසියර් Thursday, 04 June 2020 03:21 PM

නඩු කතා කරල තීන්දුව ලැබී විදුලි පුටුවට යන්ඩ කලියෙන් මේකුන් කොරෝනා හැදිල මැරෙන්න ඉඩ තියෙනවා.... මොකද, ජෝර්ජ් ලොයිඩ්ටත් කොරෝනා තිබුණලු නේ?

:       1       18

Pradeep Thursday, 04 June 2020 04:02 PM

මොන්ගොලියානුවනි කහවන් ආසියාවේ.. කොකෙසියානුවනේ සුදුවන් යුරෝ දේසේ නීග්රොවරුනි කළුවන් අප්‍රිකාවේ.. උරය පලා සැතකින් බලන් රුහිරු එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු.

:       1       100

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site