ළමා අපයෝජනයන් ඇතුළත් චිත‍්‍රපට හා ඡායාරූප අන්තර්ජාලය පුරා බෙදා හැරියේයැයි කියන අයර්ලන්ත ජාතිකයකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා ඇමරිකාවට ගෙන එන බව එෆ්.බී.අයි ආයතනය කියයි.
එදා මෙදා තුර වාර්තා වූ විශාලතම ළමා අපයෝජනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ ගබඩාව මොහු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි කියැවේ.මෙම අයර්ලන්ත ජාතිකයා කර ඇත්තේ තමන් සන්තකයේ ඇති ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම බව එෆ්.බී.අයි ආයතනය කියයි.
එමගින් ඔහු විශාල මුදලක්ද උපයාගෙන ඇති බව සදහන්ය.
මෙම පුද්ගලයා අන්තර්ජාලයේ ගනුදෙනු සිදුකර ඇත්තේ විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන්ය.සාමාන්‍ය අවස්ථාවකදී නම් අන්තර්ජාලය සරන්නෙකු සිටිනා ස්ථානය සොයාගැනීමේ හැකියාව අදාළ අන්තර්ජාල සේවා සපයන ආයතනයට ඇත.
නමුත් මෙම මෘදුකාංගය භාවිතා කරන්නෙකු හට අන්තර්ජාලයේ සියල්ලන්ගෙන් සැගැවී ‘‘අදිසි‘‘ ව සිටිය හැකියි.
මෙසේ අදිසිව සිටියද අන්තර්ජාලයේ එක් වෙබ් අඩවියක සිදුවෙමින් පැවැති සැකකටයුතු ගනුදෙනු නිසාවෙන් ඒ ගැන පරීක්ෂණ කරමින් සිටියදී මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකිව තිබේ.
ළමා අපයෝජන කි‍්‍රයාවලට ආධාර අනුබල දුන්නේයැයි අයර්ලන්ත මහාධිකරණයේ මොහුට එරෙහිව නඩු පවරාද ඇත.
ලොව පිළිලයක් සේ පැතිර යන ළමා අපයෝජනයන් මැඩපැවැත්වීමේ මෙහෙයුමට මෙම පුද්ගලයාගෙන් ලබාගන්නා තොරතුරුද යොදාගැනීමට එෆ්.බී.අයි ආයතනය අපේක්ෂා කරයි.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජරා වැඩෙන් සල්ලි ගොඩක් හොයලා
හේරත් Wednesday, 07 August 2013 05:30 AM
මානසික රෝහල් වහලද? නැත්නම් ඉඩ නැද්ද? (නි)
චන්දු Tuesday, 06 August 2013 08:10 PM
අපිට මිට වඩා ප්‍රශ්න තියෙනවා