ජපානයේ අලූත විවාපත් වන ජෝඩු ඡායාරූප ගැනීම සළකන්නේ ආදි කාලයේ දෙයක් හැටියටය.ඔවුන් කියන විදියට අලූත්ම විලාසිතාව වන්නේ ඔවුනොවුන්ගේ අනුරූ සාදවා ගැනීමයි.මේ සදහාම වෙන්වූ සේවා සපයන ආයතනද ජපානයේ බිහි වී ඇත.අනුරූ සාදවා ගැනීමෙන් සදාකාලයටම ඒ සුන්දර මෙහොතේ තමා සිටි ආකාරය එලෙසින්ම දැක බලා ගැනීමට හැකි වීම මෙය ජනපි‍්‍රය වීමට හේතුවයි.
ති‍්‍රමාණ පිටපත් ලබාගැනීමේ තාක්ෂණය මෙහිදී භාවිතා වේ.මනාල යුවලගේ මුහුණ හා අගපසග නවීන කැමරා ආධාරයෙන් ඡායාරූපගත කර පසුව පරිගණක හා විශේෂ අමුද්‍රව්‍යයන් භාවිතයෙන් මේ අනුරූ නිපදවීම සිදුවේ.ප‍්‍රමාණයෙන් කුඩා වුවත් සැබෑ ලෙසටම පෙනෙනසේ අනුරූ නිපදවීමට මේ වැඩකටයුතු කරනා ශිල්පීන් සමත්ය.
විවාහ යුවළ පමණක් නොව තම තමන්ගේම අනුරූ සාදාගැනීමට පැමිණෙනවුන්ද දැන් සිටිනා බව කියති.
COMMENTS
ඒක නම් හොඳ අදහසක් (ස)
අපේ රටේ මංගල උත්සවය පැවැත්වෙන්නේ කැමරා ශිල්පියාට ඕනේ විදියටයි.(නදී)
පාරම්පරික උඩරට මුල් ඇඳුම වගේ ජපන් ජාතික කාන්තාවන් මංගල දිනයේදීත් , උත්සව,හා විශේෂ සම්භාෂණ වලදී අඳින පාරම්පරික කිමෝනාව සම්පුර්ණයෙන් නිම කර ගැණීමට දල වශයෙන් ලංකා මුදලින් රු:200,000/= කට වඩා වැය කරනවා.කුලියට ලබා ගැණීමේ ක්‍රමද ඇත.නුතන පරම්පරාව බටහිර සිරිත් විරිත් අනුගමනය කරන බැවින්, අනුරූ සාදවා ගැණීමෙන් අලුත් දෙයකට පෙළඹීම සාධාරණ හේතුවක් ! (අ)