උත්තර මන්තී‍්‍ර මණ්ඩල සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ අරමුණින්, ඊයේ (21) ජපානයේ මැතිවරණයක් පැවැත්විණි.
දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ වත්මන් අගමැති ෂෙන්සෝ අබේගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇති බවය.
එසේ වුවහොත් වසර 8 කට පසු, ජපානයේ ඉහළ සහ පහළ මන්තී‍්‍ර මණ්ඩල දෙකෙහිම බලය තහවුරු කර ගන්නා අගමැතිවරයා වනු ඇත්තේ ද ෂෙන්සෝ අබේ ය.
අබේ ජපන් අගමැතිකමට පත් වූයේ ඉකුත් වසරේය. ජපන් ආර්ථිකය නංවාලීමට අබේගේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවක් වූ අතර ඔහු ජනතාවගේ ප‍්‍රසංශාවට ද ලක් වූයේය. අබේ මීට පෙර ද ජපාන අගමැති ධුරය හොබවා ඇත.