සිරියානු අර්බුදය විසඳීම සම්බන්ධයෙන් නව සාම යෝජනාවලියක් ද සමඟ ජිනීවාහි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සාම සමුළුවට සහභාගී වීමට තමන් සූදානමින් සිටින නමුත්, තම රජය පෙරැළීමට උත්සහ කරන ‘ත‍්‍රස්තවාදීන්’ සමඟ සාකච්ඡා කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් කියා සිටී.
සිරියානු ජනපති අසාද් දිගින් දිගටම කියා සිටින්නේ, තම රටේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නේ අල් කයිඩාවට සම්බන්ධ සුන්නි මුස්ලිම් ත‍්‍රස්තවාදීන් කියාය.
වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක්් බවට පත් වී ඇත. සිරියාවේ ගැටුම්වලින් 1,20,000 ක් මියගොස් ඇති බවත්, මිලියන 7.8 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවර පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සාම සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාතික ප‍්‍රජාවගේ ද එකමුතුවෙනි. සමුළුවේදී සිරියානු අර්බුදය සාකච්ඡුා කෙරෙන්නේ නම්, සිරියානු රජය සහ කැරැුලිකාර පාර්ශ්වයේ ‘සැබෑ දේශපාලන නියෝජිතයන්’ මෙන්ම සිරියානු රජයට සහාය දක්වන ඉරානය ද ඊට සම්බන්ධ කරගත යුතු යැයි රුසියාව පවසා ඇත. සිරියානු අර්බුදයේදී සිරියානු රජයට සහාය දෙන්නේ රුසියාවය.
සිරියාවේ ‘ත‍්‍රස්තවාදී’ කටයුතු සම්බන්ධයෙන් අසල්වැසි තුර්කිය ද වගකිව යුතු යැයි, සිරියානු ජනපති අසාද් චෝදනා කර ඇත. නේටෝ සාමාජික රටක් ද වන තුර්කියේ සහාය පළ වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. කෙසේ නමුත් සිරියානු අර්බුදයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන විසඳුමක් සෙවීමට එක් වී කටයුතු කරන බව ඉරානය සහ තුර්කිය අවධාරණය කර ඇත.
මේ වනවිට සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡුා කර, සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ අවි නිරීක්ෂකයෝ සිරියාවට පැමිණ සිරියානු රජයේ රසායනික අවි ඇති ස්ථාන වෙත ගොස් ඒවා පරීක්ෂාවට ලක් කිරීම ද ආරම්භ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෙ නැති නිසයි අහන්නෙ. මේ සියා මුස්ලිම්, සුන්නි මුස්ලිම් දෙකේ වෙනස මොකක්ද? කරුණාකර මුස්ලිම් සහෝදරයෙක් පැහැදිලි කරනවද?? (ස)
කුමාරි සියා මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන්නේ නැති තමුන්ගේ අදහස් ආගමට ඇතුලත් කරගත් කොට්ටාශයක් ඔවුන් මුසල්මානුවන් නෙමෙයි (නදී)
කාටද කියන්න පුළුවන් කවුද වැඩියෙන් භක්තිමත් කියලා? අනිත් කෙනා හරි කියන්න අපි කවුද? (නි)
ඉෂාක්, කියන විදිහට සුන්නි මුස්ලිම් නියම මුස්ලිම්. ඒ වගේම ලෝකේ වැඩියම අපරාධ වලට සම්බන්ධ සුන්නි මුස්ලිම්. ෂියා මුස්ලිම් රටවල් ගොඩක් ලෝකයට සේවය කරපු මිනිස්සු ඉන්න රටවල්. (ස)
අසාද් එක්ක මොනවා කතා කරන්නද? (ස)