IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ජනපතිගේ සොයුරා තලේබාන් පාලනය පිළිගනී

තමන් තලේබාන් පාලනය පිළිගන්නා බව ඇෆ්ගනිස්තානයේ ධුරයෙන් පහ කළ ජනාධිපති අෂ්රෆ් ඝානීගේ සොහොයුරා වන හෂ්මත් ඝානී පවසා තිබේ.

කෙසේ නමුත් තලේබාන් සංවිධානය සියලු පාර්ශවවලින් සමන්විත ආණ්ඩුවක් පිහිට විය යුතු යැයි ද හෙතෙම කීය. බටහිර කාබුල් නුවර පිහිටි සිය නිවසේ සිට අල්ජසීරා පුවත් සේවය ට අදහස් දක්වමින් හෙතෙම සෙනසුරාදා ඒ බව පැවැසීය.

ඇෆ්ගනිස්තානයේ ජනතාව වෙනුවෙන් කාබුල් නුවර කටයුතුවලට නව පිළිවෙළක් අවශ්‍ය බව ද හෙතෙම කීවේ ය. ඇමෙරිකානු ඇතුළු බටහිර හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන් ඉවත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි.

හෂ්මත් ඝානී ව්‍යාපාරියකු මෙන්ම ඇෆ්ගනිස්තානයේ කෝචි ජනගහනයේ ප්‍රධානියා ද වේ. හෙතෙම පසුගිය දින කිහිපයේ දී තලේබාන් නායකයන් හමු වූ බව ද වාර්තා විය. ඇෆ්ගනිස්තානයේ සිදු වූ බල හුවමාරුව පිළිගැනීමට හෙතෙම එකඟ වී ඇතැයි වාර්තා වන අතර එය ඇෆ්ගනිස්තානයේ සිටින බලවත් දේශපාලන, සංස්කෘතික සහ ව්‍යාපාරික පුද්ගලයන්ට කරන ලද සංඥාවක් යැයි ද පැවසේ.

ඇෆ්ගනිස්තානයේ පාසල්, රෝහල්, කඩසාප්පු, ව්‍යාපාරික ස්ථාන, විශ්ව විද්‍යාල, අනෙකුත් ව්‍යාපාර හා ව්‍යවසායවල මිලියන ගණන් මුදල් ආයෝජනය කර ඇති ව්‍යාපාරික ප්‍රජාව ද රටින් පිටව යෑමට උත්සාහ කරන අනෙක් දස දහස් ගණනට එක් වුවහොත් රටේ ආර්ථිකය දරුණු ව්‍යවසනයකට මුහුණ දෙනු ඇතැයි ද රටේ අනාගතය සම්බන්ධයෙන් ද අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වනු ඇතැයි හෙතෙම කීය. හෂ්මත් ඝානීගේ සහෝදරය වන හිටපු ජනාධිපති අෂ්රෆ් ඝානී අගෝස්තු 15 වැනිදා ඇෆ්ගනිස්තානයෙන් පලා ගියේ ය.සිය සොහොයුරා රටින් පිටව ගිය ද තමන්ට රටින් පිටව යෑමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීය.

“මට රටින් පැනලා යනවා නම් මගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ. මගේ ගෝත්‍රයට මොකද වෙන්නේ. මගේ අක්මුල් තියෙන්නේ මෙහේ. මගේ රටේ ජනතාවට මා අවශ්‍යම මොහොතේ මා ඔවුන් දමා රටෙන් ගියොත් මම දෙන්නේ මොනවගේ පණිවුඩයක් ද” යැයි හෙතෙම කීවේය. සිය සොහොයුරා රටින් හොර රහසේ යෑම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ හෂ්මත්, සිය දිවි බේරාගනිමින් ඔහු එලෙස රටින් පිටව යෑම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද කීය.

“ඔහු ඝාතනයට ලක්වුණා නම්, මරණයට පත්වුණා නම් මේ තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙන්න තිබ්බා” යැයි ද ඔහු කීය.

හෂ්මත් ඝානීගේ නිවසේ තිබෙන චිත්‍ර, කලා කෘති සහ විශාල ප්‍රමාණයේ රූපවාහිනි කිසිදු හානියකින් තොරව එහි තිබෙන අයුරු ද දක්නට ලැබිණි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය පාලනය කළ 1996 සිට 2001 වසර දක්වා කාලයේ දී රට තුළ රූපවාහිනි සහ චිත්‍ර, ඡායාරූප, පින්තූර ඇතුළු ඕනෑම ආකාරයක කලා කෘති සහ කලාව තහනම් කර තිබිණි.
තලේබාන් සංවිධානය 2001 වසරේ දී මධ්‍යම ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ පිහිට ඉපැරැණි බුද්ධ ප්‍රතිමාවක් විනාශ කළ අතර එය දැක්වෙන පින්තාරුවක් ද ඝානිගේ පින්තාරු අතර තිබේ.
ඇෆ්ගනිස්තාන සමාජය තුළ තිබෙන බෙදීම් නවතා සමඟිය සහ සහයෝගීතාව ඇති කළ යුතු බවත් ඒ තුළින් තලේබාන් සංවිධානයට නූතන වෙනස්කම්, පහසුකම් සහ තාක්ෂණික දියුණුව පිළිගැනීමට සිදු වනු ඇතැයි ද හෙතෙම කීය.

ඇෆ්ගනිස්තානයේ තරුණ ප්‍රජාවට සහ තලේබාන් සංවිධානයේ විරුද්ධවාදීන් ද සංවිධානය සමඟ කටයුතු කළ යුතු බව ද හෙතෙම කීය. ඒ තුළින් තලේබාන් සංවිධානයට නූතනත්වය පිළිගැනීමේ මාවතට ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද කීවේය.

ඇෆ්ගනිස්තානයේ තරුණ ප්‍රජාව පසුගිය සතිය වනතෙක් තලේබාන් සංවිධානය මෙතරම් සමීපව අත්දැක නැත.
“ඔබ එක විදියක මිනිස්සු කොට්ඨාශයක් දැකලා නැති වුණාම, සමීපව සම්බන්ධවෙලා නැති වුණාම, ඔවුන්ගේ පෙනුම බියජනක වෙන්න පුළුවන්. නැතිනම් ඔබ රැවටීමට ලක් කරන්න පුළුවන්” යැයි ඝානී පැවැසීය.

(රොයිටර්)



අදහස් (0)

ජනපතිගේ සොයුරා තලේබාන් පාලනය පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site