බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (7) කයිරෝ අගනුවර හටගත් දරුණු ගැටුම්වලින් 45 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, 1,200 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
කලහකාරීව හැසිරෙමින්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ එම පිරිස් පළවා හැරීමට හමුදාව සහ පොලිසිය උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කළ බව ද වාර්තා විය.
2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද මොර්සිය. මොර්සි විරෝධීන් සමඟ ගැටුම් ඇති කරගන්නේ ඊජිප්තුවේ වෙසෙන ඉස්ලාමීය අන්තවාදීන් යැයි පාලන බලයේ සිටින හමුදාව පවසයි. ඔවුහු ඊජිප්තුවේ වෙසෙන කොප්ටික් කි‍්‍රස්තියානුවන්ට පහර දෙන බවට ද පුවත් වාර්තා විය.
මොර්සි බලයෙන් නෙරපා දැමීමට හමුදාව කටයුතු කිරීමත් සමඟ, ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ලක්ෂ ගණනක් ආධාරකරුවෝ කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා සහ ඊජිප්තුවේ සෙසු ප‍්‍රධාන නගරවලට රැස්වී මොර්සි විරෝධීන් සමඟ ගැටුම් ඇති කරගත් බව ඊජිප්තු පුවත් සේවා වැඩි දුරටත් කියා සිටියේය.
මොර්සිට එරෙහි විරෝධතා සංවිධානය කරන්නේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. මොර්සි බලයෙන් ඉවත් විය යුතු යැයි පවසමින් ඉකුත් සතියේ ලක්ෂ දෙකකට වැඩි විරෝධතා කරුවන් පිරිසක් කයිරෝ නුවරට එක් රැුස් කළේ ද එම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු මොර්සි සහ ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් කිහිප දෙනකු ඇතුළු තවත් 300 ක් දෙනා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර මේ වනවිට එම පිරිස නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරඹුණේ ඉකුත් සති අන්තයේය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය අපොහොසත් වී ඇති බවත් දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවත්ය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති මොර්සිගේ ආධාරකරුවෝ විරෝධතාකරුවන් සමඟ ගැටෙති
කුරුවිට Monday, 08 July 2013 03:18 PM
දැන් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ.(නදී)
රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 09:31 PM
කව්රු ජනාධිපති වුණත් මේ මිනිස්සු හැදෙන පාටක් නැහැ (අ)