උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ලෙස, ජර්මනියට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. බර්ලීනයට පැමිණි ජනපති ඔබාමා ඉතා හරසරින් පිළිගනු ලැබුවේ ජර්මන් ජනාධිපති ජොචිම් ගොක් විසිනි.
ජනපති ඔබාමා බර්ලීන් නුවරදී කළ කතාවෙහි මාතෘකාව වූයේ ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය ගැනය.
ඇමෙරිකානු ජනපතිවරයෙක් මේ අයුරින් බර්ලීනයට පැමිණ මීට පෙර කතාවක් පවත්වා ඇත්තේ නිරවි යුද සමයේදීය. එසේ පැමිණියේ ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයාය.
ජර්මනිය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ද ජනපති ඔබාමා බලාපොරොත්තු වන බව විදෙස් පුවත් සේවා පවසා ඇත.
|
ඇමෙරිකා ජනපති ඔබාමා ජර්මන් ජනපති සමග |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව කවද හරි ඉතිහාසයේ හොඳම පාඩම ඉගෙනගන්නේ ජර්මනුවන්ගෙන්(ස)
උඩුකය නිරුවතින් ජර්මන් තරුණියන් ඔබාමා ඉදිරියේ හැසිරුනේ ඇයි? (නදී)
ලෝක යුද්දේ ඉවර වෙද්දී ලෝකෙට එකතු උන දායාද අතරේ රොකට් තාක්ශනේ, ජීප් වාහන, පරමාණු තාක්ශනේ ඔක්කොම ආවේ ජර්මනියෙන්.(ස)
ජර්මානුවන් යනු ලොව විශිෂ්ටතම තාක්ෂණයකට හිමිකම් කියන ජාතියක්. පියාඹන පිරිසි රහසිගත ජර්මානු නිෂ්පාදනයක් ලෙසටත් සමහර අය හිතනවා. ඇමෙරිකානුවනුත් ඊට නොදෙවෙනි තාක්ෂණයක හිමිකරුවන්. මෙවන් ජාතීන් දෙකක සබැදියාව ලෝක දේශපාලනයට කිනම් බලපෑමක් සිදු කරාවිද යන්න දෙස බොහෝ දෙන බලා සිටිනවා. (නි)