උතුරු අයල්නතතයේ පැවැති ‘ජී8’ සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා ඊයේ (19) ජර්මනියට පැමිණියේය.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ලෙස, ජර්මනියට පැමිණි ප‍්‍රථම අවස්ථාව මෙයයි. බර්ලීනයට පැමිණි ජනපති ඔබාමා ඉතා හරසරින් පිළිගනු ලැබුවේ ජර්මන් ජනාධිපති ජොචිම් ගොක් විසිනි.
ජනපති ඔබාමා බර්ලීන් නුවරදී කළ කතාවෙහි මාතෘකාව වූයේ ලෝකයේ න්‍යෂ්ටික අවිහරණය ගැනය.
ඇමෙරිකානු ජනපතිවරයෙක් මේ අයුරින් බර්ලීනයට පැමිණ මීට පෙර කතාවක් පවත්වා ඇත්තේ නිරවි යුද සමයේදීය. එසේ පැමිණියේ ජෝන් එෆ් කෙනඩි ජනපතිවරයාය.
ජර්මනිය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ද ජනපති ඔබාමා බලාපොරොත්තු වන බව විදෙස් පුවත් සේවා පවසා ඇත.

ඇමෙරිකා  ජනපති ඔබාමා ජර්මන් ජනපති සමග