සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙරේදා (18) ඇමෙරිකාවටත්, බි‍්‍රතාන්‍යයටත්, ප‍්‍රංශයටත් දොස් පැවැරීය.
රුසියා ජනාධිපතිවරයා එසේ දොස් කීවේ, උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවර පැවැත්වුණු ‘ජී8’ සමුළුවේදීය. සමුළුවේ ප‍්‍රධාන මාතෘකාවක් වූයේ සිරියානු අර්බුදයයි.
ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියානු රජයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටය. ප‍්‍රංශයත්, බි‍්‍රතාන්‍යයත් සහාය දෙන්නේ ද සිරියානු කැරැලිකරුවන්ටය.
සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට එරෙහිව පනවා තිබූ තහනම ද ඉවත් කිරීමට යුරෝපා සංගමය ඒකමතිකව තීරණය කර ඇත. සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනපතිටය.
COMMENTS
චීන්නුද? මේකට්ටිය හම්බන්තොට වරයා හදන්න ඇවිල්ල මතකනේ අපේ රටෙන් කියල ගත්තේ බල්ලෝයි ගැරඩියි විතරයි අපේ රටේ එකෙකුට රස්සාවක් වත් දුන්නද? අපි මේවා තේරුම් ගන්න ඕන සිරියාව ගැන ඇමරිකාව දරන මතයට අපි ගරුකරනවා (අ)