IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපති ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුර සූසන් රයිස්ට

තම ජාතික ආරක්ෂක උපදේශක ධුරය, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය ලෙස කටයුතු කළ සූසන් රයිස්ට පිරිනැමීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ (6) තීරණය කළේය.

ජනපති ඔබාමා, සූසන් රයිස් සහ තනතුරෙන් සමුගැනීමට නියමිත ජාතික ආරක්ෂක ලේකම් ටොම් ඩොනිලොන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්...

ඇමෙරිකා ජනපතිවරයා ධවල මන්දිරයේ රෝස උයනේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන් අතර සූසන් රයිස් මෙන්ම, ජාතික ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වීමට නියමිත ටොම් ඩොනිලොන් ද එම අවස්ථාවට සහභාගී වූහ.
දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේදී ඔබාමා රාජ්‍ය ලේකම් ධුරයට පත් කිරීමට සැරසුණේ සූසන් රයිස්ය. කෙසේ නමුත් ඊට ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව, ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඇතැමුන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධයට හේතු වූයේ සූසන් රයිස්ගේ විදෙස් ප‍්‍රතිපත්තියයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති ධුරයට ඔබාමා විසින් නම් කරනු ලැබ ඇත්තේ සමන්තා පවර්ස් ය. දීර්ඝ කාලයක් ඇමෙරිකානු විදේශ ප‍්‍රතිපත්ති සැකැසීම සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තිය ඇයයි.



අදහස් (0)

ජනපති ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුර සූසන් රයිස්ට

හේරත් Sunday, 09 June 2013 12:40 PM

බත් කෝම උනත් පිටි නම් දෙන්නන්. ගුලිත් තියෙනවා. ඩෝන්ට් රයිස්.(නදී)

:       0       0

සුභා Saturday, 08 June 2013 10:40 AM

ජයවේවා

:       0       0

මහේෂ් Saturday, 08 June 2013 12:28 PM

කලින් කොන්ඩලිසා රෛස්, දැන් සුසන් රෛස් . හොදයි හොදයි ඇමෙරිකන් ජාතියටම බත් දෙන්න යන්න වගේ.(නදී)

:       0       0

ද සිල්වා Friday, 07 June 2013 03:19 PM

කවුරු හරි නෑයෙකුට හෝ යාලුවෙකුට මේ තනතුර දුන්න නම් හොද නැද්ද ? අපේ රටේ නම් කරන්නේ එහෙමයි. අපි නම් ඔබ තුමා වගේ නෙවෙයි. ඉස්සෙල්ලම පවුලේ උදවියට සලකල තමයි සෑම දෙයක්ම කරන්නේ. අර කෙන්යාවේ දුක්විදින සහෝදරයා ගෙන්නලා එතුමාට දිලිදු සහන කොමසාරිස් තනතුර හෝ ජනාධිපති උපදේශක තනතුරක් හෝ දුන්න නම් හොදයි නේද?(නදී)

:       0       0

හේරත් Friday, 07 June 2013 10:41 AM

අනේ අපටත් ෆරයිඩ් රයිස් ටිකක් දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site