IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජංගම දුරකථන භාවිතයත් අවදානම්

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ජාතික බුද්ධි අංශයට අනුයුක්ත පණිවුඩ නිරික්සීමේ කාර්යාංශය එකාබද්ධව දියත්කර ඇරැඹු නව ආරක්ෂක වැඩපිළිවෙළකට අනුව ලොව පුරා මුහුණත ක්‍රියාකාරී නව ජංගම දුරකථන සහ පරිගණක භාවිතයන්ට සවන්දීම ආරම්භ කර ඇතිබව ජර්මනියේ ද ස්පිගල් පුවත්පත වාර්තා කර ඇත.

මෙම ක්‍රියාදාමය අරඹා ඇත්තේ ඇමෙරිකාවටත් බ්‍රිතාන්‍යයටත් එරෙහිව සංවිධානයවියහැකි අනාගත ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් පිළිබඳව තොරතුරු එක්රස්කිරීමේ අරමුණෙන් බවද එම වාර්තාවෙහි දක්වා ඇත.

ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තුසේවා සංවිධානයන් බෙදා හැර ඇති අභ්‍යන්තර නියෝගයක සඳහන් තොරතුරු මුලාශ්‍ර ලෙස යොදාගෙන සකස්කර ඇති එම වාර්තාව අනුව මෙම කටයුත්ත සඳහා දැනටමත් ලොවපුරා ජංගම දුරකථන සහ ජංගම පරිගණක සියල්ල පිලිබඳ දත්ත සහ ඒවා භාවිතාවන අන්දම සටහන් කරගැනීමට අවශ්‍ය තොරතුරු ගබඩා කිරීමේ යාන්ත්‍රික පහසුකම් ක්‍රියාත්මක වෙයි.

මෙම තොරතුරු අතරට ලොවපුරා එම ආරක්ෂක සංවිධාන පරික්ෂාවට ලක්විය යුතු ලෙසට සලකුනුකර ඇති වචන භාවිතකරණ හෝ ඇතුලත් සියලුම දුරකථන ඇමතුම්, අන්තර්ජාල භාවිතය, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනයන් සහ ඒවායේ සාකච්චාවෙන සහ බෙදාහැරෙන තොරතුරු, එස් එම් එස් පණිවිඩ ආදිය සියල්ලම පටිගතකරන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සෝදිසියෙන් සිටීමටද කටයුතු සකස්කර ඇත.

ලොව කොතැනක සිටියත් ජංගම පරිගණක සහ දුරකථන භාවිතය මින්පසුවට " පෞද්ගලික" වන්නේ නැති බව මෙම වැඩපිළිවෙල පිලිබඳ විරෝධය දක්වන පිරිස් පවසති.

 

 



අදහස් (0)

ජංගම දුරකථන භාවිතයත් අවදානම්

කුමාර Tuesday, 10 September 2013 08:18 PM

විවුර්ත ආර්ථිකයට පින් සිද්ද වෙන්න අපි ලෙඩ උනා (දී)

:       0       0

චමත් Tuesday, 10 September 2013 09:05 PM

ජංගම දුරකථන / පරිගණක අන්තර්ජාලය පාවිච්චි නොකරන විට ජාලයෙන් විසන්ධි කරලා තියන්න ඕනේ. (අ)

:       0       0

කටා මාමා Tuesday, 10 September 2013 05:22 PM

අපි දැනගෙන බොහෝ කල් ... මානව හිමිකම්, සාමය, යුක්තිය සාධාරණත්වය, නිදහස් මාධ්‍ය මේවා ඔක්කොම විජ්ජා... (නි)

:       0       0

විමල් Tuesday, 10 September 2013 07:05 PM

අපිට ඕනෑ සාමකාමී ලෝකයක්. අපි ළග හොර නැහැ බොරු නැහැ. තාක්ෂණය නිසා ඉදිරියේදී හොරුන්ට තැනක් නැතිවේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site