ලොව අංක එකේ කුඩු රජකු වන මෙක්සිකෝ ජාතික ජොඅක්වින් ගුස්මන් හෙවත් ‘‘එල් චැපෝ‘‘ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඇමරිකා ආරක්ෂක අංශ කියති.
එල් චැපෝ මෙක්සිකෝවේ කි‍්‍රයාත්මක ප‍්‍රධානතම මත්කුඩු ජාවාරම් කල්ලිය වන ‘‘සිනලෝආ‘‘ හි නායකයා වන බව සදහන් වෙයි.සිනලෝආ කල්ලිය මේ දක්වා සිදුකර ඇති අපරාධ ප‍්‍රමාණය නොගිනිය හැකි තරම් යැයි ආරක්ෂක අංශ බළධාරීහු පවසති.
එල් චැපෝ 2001 වසරේදී අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝ ආරක්ෂක අංශ සමත්වූවත් ඔවුන්ගේ ඇසට වැලි ගසා පැන ගැනීමට හේ සමත් විය.එදවස පටන් ඔහු විවිධ ආරූඪ නම් භාවිතා කරමින් නොයෙක් රටවල ජීවත්ව ඇතැයි පැවසේ.
මෙවර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මෙක්සිකෝවේ මෙහෙයුම්හි නිරත වන ඇමරිකා ආරක්ෂක අංශ බලධරයින්ට ලැබුණු ඔත්තුවකිනි.ඒ අනුව මෙක්සිකෝවේ හෝටලයක නැවතී සිටි එල් චැපෝව අත්අඩංගුවට ගෙන ඇත.
එල් චැපෝ සතුවන සම්පත් වල වටිනාකම ඩොලර් සිය කෝටිය ඉක්මවන බව සදහන්ය.ඔහු සතු මුදල් බලය නිසාම ෆොර්බ්ස් සගරාව වරක් එල් චැපෝ ප‍්‍රංශ හා වෙනිසියුලා ජනපතිවරුන්ටත් වඩා බලවත් පුද්ගලයෙක් ලෙස හදුන්වාදුන්නේය.
ජොඅක්වින් ගුස්මන් මෙක්සිකෝවේ ‘‘ඔසාමා බිල් ලාඩින්‘‘ ලෙසද හැදින්වුනි.ඒ ඔහුගේ ක‍්‍රෑර කමත් ඒ හා බැදුණු ඔහු සතුවන බලයත් නිසාමය.
සිනලෝආ කල්ලියේ ආධාරකරුවන් මුළු ලොව පුරාම විසිර සිටින්නේයැයි බලධාරීහු කියති.මෙනිසාවෙන්ම ඔවුනට ලොව පුරා විහිදුනු ජාවාරම් මාර්ගයන් ඇති බවත් එවා මාර්ගයෙන් ලොව පුරා මත්ද්‍රව්‍ය බෙදාහරින බවත් ඔවුහු පවසති.
පසුගිය වසරේ මෙක්සිකෝ ආරක්ෂක අංශ මෙතෙක් වාර්තා වූ විශාලතම කංසා තොගය සොයාගත් අතර එය ටොන් 134 ක බරින් යුතු විය.එය සිනලෝආ කල්ලිය සතුවූවකි.
සිනලෝආ කල්ලිය තරම් සංවිධානාත්මක,දියුණු තාක්ෂණික ක‍්‍රම භාවිතා කරන මත්කුඩු ජාවාරම්කරුවන් ලොව නොමැත යැයි බළධාරීහු පවසති.මෙනිසා එහි නායක එල් චැපෝ අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශාල ජයග‍්‍රහණයක් ලෙස ඔවුහු දකිති.
නමුත් සිනලෝආ කල්ලිය ප‍්‍රකාශයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ එල් චැපෝගෙන් හිස්වූ නායක පුටුවට මේ වන විටත් තවත් කෙනකු පත් කර තිබෙන බවයි.තම නායකයින්ට ආරක්ෂක අංශ වලින් එල්ල වන තර්ජනයන් නිසා තමන් සෑම විටම සිටිනුයේ සූදානම් ශරීරයෙන් බවත් නායකයෙකුට විපතක් සිදුවුවහොත් ඔහුගේ තැන ගැනීමට තවත් කෙනෙක් මුල සිටම සූදානම් කර තිබෙන බවත් එම ප‍්‍රකාශයේ සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.
ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජගත් කුඩු රජාගේ සිහසුන කැඩේ
කුමාර් Sunday, 23 February 2014 04:16 PM
අනේ මේවගේ ලංකාවෙත් මහ කුඩු එවුන් ටික අල්ලගත්තනම්!!! (අ)
අසෝකා Sunday, 23 February 2014 04:22 PM
රජකම් කළත් කළකම් පළ දෙනවාය! කියන්නේ මේවට තමයි.(දිල්)
නිල Tuesday, 25 February 2014 10:18 AM
එකට ලංකාවේ ...(දී)
රවීන් Sunday, 23 February 2014 06:12 PM
මෙක්සිකෝවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ, මේ වගේ වැඩ ලංකාවේ වෙන්නෙම නෑ (දිල්)
මානගේ Sunday, 23 February 2014 08:02 PM
ලංකාවෙන් මේවා තුරන් කරන්නේ කවදාද ?(දිල්)
නාරද Sunday, 23 February 2014 09:14 PM
රජකම් කළත් කළකම් පළ දෙනවාය.(නදී)
ගාමිණී -සිරි Sunday, 23 February 2014 09:15 PM
මේකත් ජතාත්‍යන්තර ප්‍රශ්නයක් නිසා ජිනීවා සමුළුවට යොමු කරන එක ඇමෙරිකාවේ යුතුකමක් !!(නදී)
අචිනි Monday, 24 February 2014 06:57 PM
ලංකාවේ කුඩු මුදලාලි කෙනෙක්ව මෙහෙම ඇල්ලුවොත් සොරිම තමා.. අහවල් කෙනා එවලේම ගෙදරට ගිහින් මුළු පොලිසියම ගෙදර.(නදී).
කුමාරි Monday, 24 February 2014 06:58 PM
කල කර්මය පල දෙනවා......................... රජ මාවත බැස යනවා.(නදී)
ක්‍රිෂාන්ති Sunday, 23 February 2014 11:30 PM
හොඳ වෙලාවට ලංකාවෙ කුඩු බිස්නස් ඇත්තෙම නෑ.(නදී)
ඔසී Monday, 24 February 2014 07:27 PM
කවදද ලංකාවේ කුඩු රජාව අල්ලන්නේ .(නදී)
රමේෂ් Monday, 24 February 2014 06:08 AM
ලංකාවෙත් මෙහෙම උනානම් හොඳයි. ලංකාවේ වෙන්නේ පොඩි උන් හිරේ දානවා ලොකු උන් කුඩු බෙදනවා.(නදී)
කැනඩා දිසා Monday, 24 February 2014 06:37 AM
අනේ ඔය වගේ ලංකාවෙත් උනානම් ..ලොක්කෝ තුන්කාලක් අද ඇතුලේ.(නදී)
චාරුක Monday, 24 February 2014 07:16 AM
ලංකාවේ මෙහෙම දෙයක් කළා නම් ලොකුම පුටුවක් දීලා.(නදී)
බුද්ධික Monday, 24 February 2014 07:20 AM
මෙයා ලංකාවේ හිටියනම් මෙයාගේ සේසත අපේ දේශපාලුවෝ ටික බෙදා ගෙන මෙයාට ඉහලම තනතුරක් දෙනවා. ඊට පස්සේ මෙයාව අල්ලපු පොලිස් නිලදාරින්ට සැලියුට් ගහන්න වෙනවා.(නදී)
කොලිත Monday, 24 February 2014 11:53 PM
රවින් හැම වෙලාවේම අශුබ වාදීව හිතන්න එපා....ජීවිතේම කාලකන්නි වෙනවා. (අ)
සංජු Monday, 24 February 2014 08:50 AM
ලංකාවේ හිටියනම් දේශපාලනය කරන්න තිබුන .(අ)
ගම්්‍යා Tuesday, 25 February 2014 07:59 AM
මොඩය! ලංකාවට පැන්නනම් පත්කළ මන්ත්‍රී කෙනෙක් විදියට පාර්ලිමේන්තුවටත් ගිහින් කැබිනට් ඇමතිකමකුත් ගන්න තිබ්බ.(අ)
කුමාරි Monday, 24 February 2014 12:15 PM
කල කල දේ පල පල දේ. (අ)
සූරිය Monday, 24 February 2014 12:22 PM
මට මතක් වෙන්නේ අපේ ලංකාවේ මේ වගේ අයකොච්චර ඉන්නවද නේද ? අර ගෙනාපු කුඩු කිලෝ 250 මොකද උනේ ? (අ)
ජයතිලක Monday, 24 February 2014 12:28 PM
මොහු අත්අඩංගුවට පත් වීම, පහු ගිය දවස් වල බොහෝ විදේශීය රුපවාහිනි නාලිකා වල ප්‍රධාන ප්‍රවෘත්තිය වුණා (අ)
රන්ජනි පෙරෙරා Monday, 24 February 2014 01:33 PM
ලොව අංක එකේ කුඩු රජා එතකොට අර ගොල්ලන් ???. (අ)