IMG-LOGO

‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා

ලෝකයේ ප‍්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද පෙරේදා (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරදී ආරම්භ වූ අතර එහිදී ලෝක නායකයන්ගේ වැඩි අවධානය යොමු වූයේ සිරියානු අර්බුදය කෙරෙහිය.
සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සහාය දෙන්නේ සිරියා කැරැලිකරුවන්ටය. මේ වනවිට ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියා කැරැලිකරුවන්ට ආයුධ දී ශක්තිමත් කිරීමටය.
සෙසු ලෝක බලවතුන් වන රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. රුසියානු ජනාධිපති පුටින්, ඇමෙරිකා ජනපති ඔබාමා සහ බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් අතර පැය කීපයක් තිස්සේ සිරියානු අර්බුදය ගැන සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කළේය.
සමුළුවට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, චීන ජනාධිපති සිං ජියැපින්, රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද්, ජපන් අගමැති ෂෙන්සෝ අබේ සහ තුර්කි අගමැති එන්රිකෝ ලෙටා සහභාගී වූහ. සමුළුව ඊයේ අවසන් විය.



අදහස් (0)

‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site