ජී -7 සමුළුව පැවැත්වීම කල් දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් මහතා පවසයි.
එය නැවත ලබන සැප්තැම්බර් මාසයේ හෝ ඉන් පසුව පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වේ.
මීට හේතුව ලෙස අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලෝකයේ මේ වනවිට සිදුවෙමින් පවතින දේ පිළිබඳ නියමාකාරයෙන් ජී-7 සමුළුවේදී නියෝජනය නොවනු ඇතැයි තමාට වැටහෙන බවයි.
ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව සහ ඉන්දියාව යන රටවල නියෝජිතයන්ටද මෙවර ඊට සහභාගී වන ලෙස ආරාධනා කෙරේ.
සමුළුව සඳහා මෙසේ අතිරේක රටවලට ආරාධනා කිරීමේ අරමුණ පැහැදිලි නැතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඒ සඳහා රැසියාව එක්කර ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා යෝජනා කර තිබුණි.
මොස්කව්හි ගෝලීය ක්‍රමෝපායික වැදගත්කම ඊට හේතුව වේ.
ඇමරිකානු ජනාධිපතිවරයාට සමුළුවේදී අනෙකුත් රටවල් සමඟ චීනය පිළිබඳ සාකච්ඡා කිරීම අවශ්‍ය බව ධවල මන්දිර ප්‍රකාශිකා ඇලිසා ෆාරා මහත්මිය පැවසුවාය.
ජී-7 සමුළුව ලබන මාසයේ ඇමරිකාවේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
(රොයිටර් ඇසුරෙනි)
226
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජී -7 සමුළුව කල්දමයි
රවින් Sunday, 31 May 2020 09:40 AM
දැනට කරන පිස්සුවේ හැටියට මොනවා කියයිද? කරයිද? නොතියන එකමයි කාරිය...