චීන සත්වෝද්‍යානයක, පැන්ඩන් වෙනුවට, පැන්ඩන් මෙන් සුදු සහ කළුවලින් වර්ණ ගැන්වූ ‘චොව් චොව්’ වර්ගයේ බල්ලන් දෙදෙනකු ප්‍රදර්ශනය කර තිබේ.
සත්වෝද්‍යාන බලධාරීන්, වර්ණ ගැන්වූ මෙම බල්ලන් නම් කර තිබුණේ ‘පැන්ඩා බල්ලන්’ යනුවෙනි. පසුගිය මැයි පළමු වැනිදා, නිවාඩු දිනයේ, සත්වෝද්‍යානයට වැඩියෙන් නරඹන්නන් ගෙන්වා ගැනීමේ අරමුණින් ‘පැන්ඩා බල්ලන්’ ප්‍රදර්ශනය සිදු කළ බව ද පැවැසෙයි.
කෙසේ නමුත් පැන්ඩන් ලෙස වර්ණ ගන්වමින් බල්ලන් පදර්ශනය කිරීම සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ බලධාරීන්ට දොස් ඇසීමට සිදුවිය.
ඊට හේතුව බොහෝ දෙනා සත්වෝද්‍යානයට පැමිණ ඇත්තේ නව පැන්ඩන් වර්ගයක් සත්වෝද්‍යානයේ සිටිනවා යැයි සිතමිනි. ඔවුන් පැන්ඩන් නොව බල්ලන් යැයි දැනගත් විට සමාජ මාධ්‍ය ඔස්සේ ද සත්වෝද්‍යාන බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය.
(එන්.ඩී.ටීවී.)
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ
සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම
වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
චීන සත්වෝද්‍යානයේ ‘බලු පැන්ඩෝ’