ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතය. ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලයේ රුසියන් යුක්රේන යුද්ධය තාවකාලිකව නවත්වා සටන් විරාමයකට කැමැති වෙන්නැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා ඇත.

කෙසේ නමුත් සටන් විරාමයක් කෙරෙමි කිසිදු අදහසක් නැතැයි රුසියන් ජනාධිපති පුටින්, ප්‍රංශ ජනාධිපතිවරයාට දන්වා තිබේ. රුසියන් යුක්රේන යුද්ධයේ දී ප්‍රංශයේ සහාය හිමිවන්නේ යුක්රේනයටය.

(එන්.ඩී.ටීවී.)