IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චාල්ස් කුමාරයාට 65 යි

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සිය 65 වන උපන්දිනය සමරයි.

බොහෝ පුද්ගලයින්ට 65 වන උපන්දිනය යනු මෙතුවක් කල් නියැළී සිටි වැඩකටයුතු වලින් විශ‍්‍රාම ගෙන ජීවිතයේ සැදෑ සුවය විදීමට ඇති කාලයයි.

නමුත් චාල්ස් කුමරුට එසේ නොවේ.ඔහු මත වගකීම් පැටවෙන කාලය ඇත්තේ ඉදිරියටය.ඒ බි‍්‍රතාන්‍යය රජ කිරුළ ඔහුගේ හිසට පැළදවෙන දිනය වැඩි ඈතක නොවන බැවිනි.

දැනට කිරුළ දරන දෙවන එළිසබෙත් රැජිනගේ පුත් වන චාල්ස් කුමරුට මේ අවස්ථාව පැමිණෙන තෙක් බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවිය.එළිසබෙත් රැජිනිය වසය අවුරුදු 25 ක් වැනි නව යොවුන් අවදියේ සිටම බි‍්‍රතාන්‍යය රජ කිරුලේ බර උසුලා ඇත්තීය.

දැනට 85 වැනි වියේ පසුවන ඇය සිය වගකීම් තම පුතුට පවරා විශ‍්‍රාම ගැනීමට සැරසෙන බව සදහන්ය.

පෙර තිබූ සවිය දැන් ඇය සතුව නොමැති බව බි‍්‍රතාන්‍යය රජ මාළිගයේ ආරංචි මාර්ග කියයි.ඇය මෙවර පොදුරද මඩුළු සමුළුවටත් සහභාගී නොවන්නේ දුර ගමන් වල යෙදීමට තරම් හොද සෞඛ්‍ය තත්ත්වයක් තවදුරටත් ඇය සතු නොවන නිසාය.1973 සිට පැවැත්වුනු සියලූම පොදුරද මඩුළු සමුළුවලට සහභාගී වී තිබෙන ඇය මෙවර සහභාගී නොවන්නේ ප‍්‍රථම වතාවටය.ඇයගේ මෙම තත්ත්වය නිසා පසුගිය කාලය මුළුල්ලේම ඇය සහභාගී වීමට තිබූ වැදගත් උත්සවයන්ට ඇය වෙනුවට සහභාගී වූයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුය.

එය ඔහුගේ ප‍්‍රතිරූපය අන්තර්ජාතික වශයෙන් ඔප්නැංවීමට හේතු විය.පොදුරද මඩුළු සමුළුව නියෝජනය කිරීමෙන් එම ප‍්‍රතිරූපයේ හිනිපෙත්තටම නැගීමට ඔහුට අවස්ථාව ඇතැයි විචාරක අදහසයි.

වසර ගණනක් කිරුළ උසුළන මව්ගේ ගුරුහරුකම් හා ආභාෂය චාල්ස් කුමරුට හොදින්ම ලැබී ඇති බව බි‍්‍රතාන්‍යය ජනතාවගේ මතයයි.වැඩිමනත්ම බි‍්‍රතාන්‍යය රජපවුල යනු කිසිවෙකුටත් ළංවීමට නොහැකි,උසස්ම පුද්ගලයින්ගෙන් සැදුම් ලක්දකැයි යන  මතය බිද දැමීමට ප‍්‍රබල සාධකයක් වූයේ චාල්ස් කුමරුය.

ඔහු බි‍්‍රතාන්‍යය රජ පවුලේ සිටින්නේත් මිනිසුන් යැයි ලොවටම පෙන්වීය.ඔහුගේ නොයෙකුත් සහන සේවා කි‍්‍රයාකාරකම්,පුන්‍ය කටයුතු,අරමුදල් පිහිටුවීම් මේ සදහා උපකාරී වී ඇත.

පුටුවකට වී නොඉද කි‍්‍රයාකාරීව වැඩකටයුතු කිරීම සම්බන්දයෙන් චාල්ස් කුමරු නමක් දිනා ඇත්තෙකි.

1976 දී ඔහු මූලිකත්වය ගෙන පිහිටවූ ‘‘පින්ස් ට‍්‍රස්ට්‘‘ අරමුදල දැනට බි‍්‍රතාන්‍යයේ ආබාධිත තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රැකියා අවස්ථා සදහා පුහුණුව ලබාදී ඇත.තවත් මෙවන් අරමුදල් කිහිපයක්ම ඔහු මූලිකත්වය ගෙන ආරම්භ කර ඇත.

මෙනිසාම අනෙකුත් බි‍්‍රතාන්‍යය රජපවුලේ සාමාජිකයින්ට වඩා බි‍්‍රතාන්‍යය ජාතිකයින්ට චාල්ස් කුමරු සමිපය.චාල්ස් කුමරු ‘‘ඔවුන්ගේ‘‘ කෙනෙකි.

විලියම්,හැරී පුතුන් දෙදෙන හා අළුත උපන් මුණුබුරු ජෝර්ජ් සමග චාල්ස් කුමරු ගත කරන්නේ පරිපූර්ණ දිවියකි.

රජ කිරුළේ වගකීම් ඔහු මත පැවරුණු පසු වුවද ඔහු සතුවන යහපත් ආකල්ප,හා ඔහුගේ මානුෂිය කි‍්‍රයාකාරකම් නොවෙනස්ව පවතිනු ඇතැයි සියළු දෙනා විශ්වාසයෙන් සිටී.

 

 

 



අදහස් (0)

චාල්ස් කුමාරයාට 65 යි

මහේෂ් Thursday, 14 November 2013 06:12 PM

අපගේ රජ කුමරුට දේව ආශිර්වාදය! (නි)

:       0       0

චන්දන Sunday, 17 November 2013 01:09 PM

නුබලගේ අප්පල, සීයල අපේ රටේ මිනිස්සු කොච්චර මරන්න ඇත්ද? මානව හිමිකම් පරීක්ෂණයක් ඕන. (නදී)

:       0       0

දොන්සේතං Thursday, 14 November 2013 06:26 PM

මටත් හැටපහයි. අප්පා! කාටද අාඩම්බර? (නි)

:       0       0

යු. එස්. ඒ Thursday, 14 November 2013 11:35 PM

රාජකීය කුමරු චාල්ස් ට සුබ උපන් දියනක් පතමි එසේම දිර්ගායුෂ පතමි . ඔබගේ පැමිණීම අපට ආඩම්බරයක් (දී)

:       0       0

රන්ජනී Thursday, 14 November 2013 06:37 PM

ප්‍රින්ස් චාල්ස් කුමරුට තාම ඔටුන්න නොලැබුනත් අම්මා ඔහු වෙනුවෙන් ඔටුන්න රැකගෙන ඉන්නේ. ඔබට දීර්ගායුෂ පතමු! සුබ උපන් දිනයක් ! (නි)

:       0       0

ගනේගොඩ Friday, 15 November 2013 12:00 AM

චාල්ස් රජ කුමරු අද අප රටේ සිට හැට පස්වන උපන් දිනය සැමරීම ඓතිහාසික සිද්ධියක් වනු ඇත. කුමරුනි ඔබට සුභ උපන් දිනයක් වේවා ! (දී)

:       0       0

අරොන් Saturday, 16 November 2013 06:03 PM

රජ කුමරුට දීර්ඝායුෂ පතමි (නි)

:       0       0

ජගත් Friday, 15 November 2013 11:44 AM

චාර්ලස් කුමාරයා මෙතන සුබ පතන කට්ටියට මොනවා හරි දිලාද මන්දා.(නදී)

:       0       0

කුමාරි Thursday, 14 November 2013 03:56 PM

නිදුක නිරෝගී දීර්ඝා යුෂ පතනවා. කුමාරයට 80 වක වගේ පෙනුම.ඩයනා කුමාරිත් හිටියනම් කියලා මට හිතෙනවා. (ස)

:       0       0

චානක Thursday, 14 November 2013 03:56 PM

උපන්දා සිට ඔටුන්න හිමි, හිමි කිවුවට මැරෙනකන්ම ඔටුන්න හිසට වැටෙන එකක් නැහැ වගේ ! (ස)

:       0       0

ලුම්බිණි Thursday, 14 November 2013 04:07 PM

සුභ උපන් දිනයක්! (ස)

:       0       0

සුලෝචනා Thursday, 14 November 2013 08:48 PM

සුබ උපන් දිනයක් අපගේ රජ කුමරාට. (අ)

:       0       0

හර්ෂ Friday, 15 November 2013 08:11 PM

චිරන් ජයතු උතුමාණෙනි (දී).

:       0       0

රෝහණ Thursday, 14 November 2013 04:47 PM

ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා. (ස)

:       0       0

ආරියසේන Thursday, 14 November 2013 04:49 PM

ඔටුන්න හිමි කුමරුට දීර්ඝ ආයුෂ. (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 15 November 2013 12:51 PM

ඉක්මනින් රජ වේවා. (ස)

:       0       0

රූපවතී Friday, 15 November 2013 12:58 PM

සැබෑ මිනිස් කමින් පිරි සැබෑ මිනිසෙකි..! ඔබට සුබ උපන්දිනයක් වේවා ..!! (ස)

:       0       0

දයා අළහකෝන් Thursday, 14 November 2013 05:03 PM

අපි නම් කුමරු කියලා කියන්නේ පොඩි අයට (නි)

:       0       0

පාලිත Thursday, 14 November 2013 09:32 PM

ලංකාවේදී 65 උපන් දිනයට කේක් කන එංගලන්තයේ රජ කුමරුට සුබ උපන් දිනයක්. තෙරුවන් සරණයි. (අ)

:       0       0

ගුණේ Thursday, 14 November 2013 05:38 PM

මට අනුර බණ්ඩාරනායක මහත්තයව මතක් වුණා. කමක් නැහැ. ඔබට සුබ උපන් දිනයක්! (නි)

:       0       0

නුවන් Thursday, 14 November 2013 05:40 PM

සුභ උපන් දිනයක්! (නි)

:       0       0

ජගත් Friday, 15 November 2013 05:56 PM

එයා අාවා කියලා අපිට මොනවද ලැබුනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site