IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


චන්ද්‍රිකාවක් කඩා වැටෙන්න ළඟයි

භාවිතයෙන් අත්හැර දමන ලද ටොන් එකක් පමණ බරැති චන්ද්‍රිකාවක් පෘථීවියට කඩා වැටීමේ අවදානමක් ඇතැයි යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය පවසයි.

එහි විද්‍යාඥයින්ට ඇති ගැටලූව වන්නේ චන්ද්‍රිකාව කිනම් ප්‍රදේශයකට කඩා වැටේදැයි නිශ්චිතවම සොයාගැනීමට අපහසු වී තිබීමයි.

අභ්‍යාවකාශයේ සිට පෘථීවි වායුගෝලය ඔස්සේ පැමිණීමේදී චන්ද්‍රිකාවේ බොහෝමයක් කොටස් ගිනි ගෙන දැවී යා හැකි වුවත් සැළකිය යුතු බරකින් යුත් කොටස් ප්‍රමාණයක් පොළවට කඩා වැටීමේ අවධානමක් ඇතැයි විද්‍යාඥයෝ කියති.

නමුත් කිසිවකු බිය විය යුතු නැතැයිද චන්ද්‍රිකාවේ කොටස් කෙනෙකුගේ හිසේ වදිනවාට වඩා වැඩි සම්භාවිතාවක් පවුම් ලක්ෂ ගණනක් දෙන ලොතරැයි දිනීමකට ඇතැයිද ඔවුන් පවසයි.

මෙම චන්ද්‍රිකාව පෘථීවියේ ගුරුත්ව ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සදහා අභ්‍යාවකාශය වෙත යවනු ලැබූවක් බව සදහන්ය.

 



අදහස් (0)

චන්ද්‍රිකාවක් කඩා වැටෙන්න ළඟයි

සුගත් Sunday, 10 November 2013 03:17 PM

තමන් යවපු, වේගය දිශාව දැනගෙනත් මේක වැටෙන තැන සහ කවදද කියල කියාගන්න බැ. ඒ අය කොහොමද කියන්නේ අපි නොදන්න ඉතා දුර තියෙන ඒවා ගැන.......තව වර්ෂ ගණනකින් එන ඒවා ගැන.......???(නදී)

:       0       0

නාරද Monday, 11 November 2013 05:11 PM

චෝගම් 2013 එකටද? (නි)

:       0       0

ගයාන් Sunday, 10 November 2013 04:08 PM

සුගත්, චාඕස් තියරි කියලා එකක් තියෙනවා, පුළුවන්නම් හොයල බලන්න. අන්න ඒ නිස තමයි මේ වගේ දේවල් හරියටම කියන්න බැරි.(නදී)

:       0       0

කමල් Monday, 11 November 2013 05:48 PM

සර්වබලධාරී දෙවියන්ටවත් බැරිද ඕක වට්ටවන්නේ නැතුව තියන්න? (නි)

:       0       0

චමත් Tuesday, 12 November 2013 06:42 AM

සෑම්, ඒ වුණත් එහෙම බෝම්බ දාන්නේ ගණන් හදලා බලලා. දැන් ගුවන් යානයේ උස, වේගය, සුළගේ දිශාව, ඉලක්කයට ඇති දුර ආදිය ගණනය කරලා බලලා තමයි බෝම්බය දාන්නේ. භොතික විද්‍යාවේ තිබෙනවා ප්‍රක්ෂිප්ත කියලා කොටසක්. ඒක භාවිතයෙන් තමා මේ ගණනය කිරීම් කරන්නේ. ඒ නිසා සුළු වෙනසක් වුණත් ගොඩක් දුරට නිවැරදි ඉලක්කයට බෝම්බය වැටෙනවා. (නි)

:       0       0

ආරියසේන Monday, 11 November 2013 01:44 AM

මේ චන්ද්‍රිකාව අයිති රටටම වැටුණා නම් තමා හොඳ. (නි)

:       0       0

රූපා Tuesday, 12 November 2013 08:14 AM

නරනප්පා තමයි නියම කතාව කියආ තියෙන්නේ. ඔය කියන භයානක චන්ද්‍රිකාව ආපසු අපේ රටට කඩා පනින්න හිතාගෙන ඉන්නවලු, රට බේරා ගන්න කියලා. අපි ටිකක් සෝදිසියෙන් ඉඳිමු. (නි)

:       0       0

අජිත් Sunday, 10 November 2013 11:57 AM

අපේ අයගේ ඔලුවට වැටුනා නම් හරි.(නදී)

:       0       0

ගුණේ Sunday, 10 November 2013 12:09 PM

භාවිතයෙන් අත ඇරපු අපේ ඒවා නම් කඩා වැටිලා හුගක් කල්. දැන් ඒක ප්‍රතිසංස්කරණය කරගන්න කෑලි හොයනවා. නමුත් ගෙවිලා වැඩි නිසා කවුරුත් ආයෝජනය කරන්න බයයි. හේතුව කවුරුත් දන්නවා ව්‍යාපාරය කිසි දිනක නැවත ලාබ ලබන තත්වයට පත්කර ගත නොහැකි බව.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Monday, 11 November 2013 04:52 AM

ඔය කියන ලොතරැයිය, ඒක උඩ යවපු අයටම ඇදුනා නම් තමයි හොඳ. (නි)

:       0       0

ජෝන් Sunday, 10 November 2013 12:56 PM

සෞදි අරාබියට වැටුනා නම් හරි.(නදී)

:       0       0

සම් Monday, 11 November 2013 01:58 PM

පංචිකාවත්ත පැත්තට වැටුනොත් නම් පැය බාගයක් යන්න කලින් චන්ද්‍රිකාව මස් කරලා කෑලි ටික අරන් යාවී. (ස)

:       0       0

ගාමිණී-සිරි Sunday, 10 November 2013 01:30 PM

ඒ ලොතරැයියත් අපේ ලොතරැයි වගේ කඩා වැටුනත් කියයිද දන්නේ නැහැ මෙවර ජයග්‍රාහකයෙක් නොමැත.ඊළඟ වතාවේ දිනුම් වාරයට ලැබෙන ත්‍යාගයට දෙගුණයක් වෙන බව .අනේ..ඇඟට නොවැටී ..වත්තේ දරගෙට කඩා වැටීයන් ..ග්‍රාම සේවක වාර්තාවෙන් ..වන්දි ගන්න හැටි ..අපිට උගන්වන්න ඕනද ? (නදී)

:       0       0

වත්සලා Sunday, 10 November 2013 06:56 PM

ඕක වැටෙන්න ඕනෑ තමිල්නාඩුවේ අරයාගේ ගෙදරට එයත් ඉන්න වෙලාවට. මගේ එකම පැතුම එයයි (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 01:45 PM

තමිල් නාඩුවට හරි විග්නේශ්වරන් ඔලුවට හරි වැටුනා නම් හරි නේද? (නදී)

:       0       0

සම් Monday, 11 November 2013 03:14 PM

චමත්,, ඔබේ අදහස හරි. ඒ උනාට දීල තියන උදාහරණය හරි නැහැ. ගුවන් යානයකින් පැරෂුට් නැතුව පැන්නොත් වැටෙන තැන ආසන්න වසයෙන් කියන්න පුළුවන්. ඒකට උදාහරණය තමා ගුවනින් බෝම්බ දැමීම. (ස)

:       0       0

චමත් Monday, 11 November 2013 08:13 AM

සුගත්, චන්ද්‍රිකාවක් කක්ෂගත කළාට පස්සේ එය පාලනය කරන්න විදිහක් නැහැ. ඒක කඩා වැටෙන්නේ නිදහසේ. ඒකෙ චලිතය ගැන කියන්න විදිහක් නැහැ. කිලෝමීටරයක් විතර උඩින් යන ප්ලේන් එකක ඉඳලා පැරිචුට් එකක් නැතුව මිනිහෙක් පැන්නොත් ඒ මිනිහා වැටෙන්නේ කොතනටද කියලා කියන්න පුලුවන්ද? (නි)

:       0       0

නරනප්පා Monday, 11 November 2013 10:59 PM

1994 එංගලන්තයේ තිබිලා ලංකාවට වැටුණු චන්ද්‍රිකාවෙන් වූවා වගේ හානියක් මේකෙන් වෙන එකක් නැහැ. ඒක වැටුනට පස්සේ අපේ ගුවන් සේවෙත් එමිරේට් ගතවුණා.ඔන්න ඔහේ ලංකාවට වැටිච්චදෙන් (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 11 November 2013 03:38 PM

දෙයියන්ගේ කැමැත්ත අනුව ඕක වැටෙන්නේ . සර්වබලධාරී දෙවියන්ට පුළුවන් ඕක නිසි තැනට වට්ටවන්න . ඒක අපිට ඕනේ විදියට වෙන්නේ නෑ. (ස)

:       0       0

නරනප්පා Monday, 11 November 2013 11:02 PM

අමිල කටුනායක, අපේ කට්ටිය මාතර කැකනදුරේ සමදරාලගේ ගෙදර ගිහිල්ලා රා බීලා වෙරිවෙලා තවම එහෙ. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 10 November 2013 02:39 PM

අනේ අපේ කලපුවට වැටෙද්දෙන්කෝ. එතකොට ඔය අනවසර පදිංචි කරුවන් ඉබෙටම යන්න යයි.(නදී)

:       0       0

ඉෂාර Monday, 11 November 2013 08:54 AM

බැරිවෙයිද දන්නෑ අර ජලාශය මැද තියෙන බිල්ඩිං එකට පතෝරියන් කරලා දාන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 10 November 2013 02:51 PM

කෝ අනේ අපේ අර සුප්‍රීම් සෙට් එක.(නදී)

:       0       0

මදූ Sunday, 10 November 2013 02:55 PM

ඕක තියන තැන දන්න නිසා මුක්කු වක් වත් ගහන්න .(නදී)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Sunday, 10 November 2013 03:06 PM

ඕක ලංකාවට වත් කඩා වැටුනොත් ඕකේ තියෙන කෑලි ටිකවත් අපේ අයියලට ගලවලා පරණ යකඩ කඩේට දීල මුදලක් සොයා ගත හැකියි.(නදී)

:       0       0

මන්සිල් Sunday, 10 November 2013 03:10 PM

ඕක කාගේ හෝ හිස මතට වැටී කරදයක් හෝ මිය ගියහොත් රක්ෂණ මුදලක් ගෙවනවාද එම චන්ද්‍රිකාව අයිති සමාගමෙන්. මොකද අපේ ලංකාවේ පාරේ වාහන වලට ඕන කමින් පැනල තුවාල කරන් රක්ෂණ මුදල් ඉල්ලන කොටස් සිටිනවා . ඕක වැටෙනකොට ඔලුව අල්ලලා අපේ උන් සල්ලි ඉල්ලන්න බැරි කමක් නැහැ.(නදී)

:       0       0

නුවන් Tuesday, 12 November 2013 12:32 PM

අපේ කට්ටිය මේ නිව්ස් එක තියන ලොතරැයී කතාව හරියට තේරුම් අරන් නෑ වගේ. ලොතරැයී දිනුමක් දෙනවා කියලා එකේ කියල නෑ. ඒකේ කියන්නේ අතරම අඩු සම්බාවිත්වක් තියනවා කියලා විතරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 65 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 59 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 951 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1726 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2740 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5135 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1150 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1474 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site