IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට

කොරෝනා වයිරසය ආසාදනය වී හේතුවෙන් තවත් චීන වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.
 
මෙලෙස මියගොස් ඇත්තේ ආචාර්ය හූ වයිෆෙන් නම් මුත්‍රා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි.
 
කොරෝනා වැළඳෙන විට ඔහු වුහාන් මධ්‍යම රෝහලේ රෝගීන්ට ප්‍රථිකාර කරමින් සිටියේය.
 
චීනයේ රෝගය ආරම්භ වූ මුල් කාලයේම එනම් ජනවාරි මාසයේදීම ඔහුට වයිරසය ආසාදනය වී ඇති අතර විවිධ රෝහල් වෙත මාරු කරමින් ප්‍රථිකාර ලබාදී තිබේ.
 
පසුව ඔහුගේ අක්මාව අකර්මන්‍ය වීම හේතුවෙන් සම කළු පැහැ ගැන්වී තිබුණු බව මාධ්‍ය වාර්තා කළේය.
 
මාර්තු මස මැද භාගයේදී ඔහුගේ රෝගය උත්සන්න වූ අතර මස්තිෂ්ක රක්තාපාත තත්ත්වයට පත්වී ඇති බව වෛද්‍යවරු පැවසූහ.
 
කෙසේවුවද ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රසිද්ධ කර නොමැති අතර ඒ සම්බන්ධව බොහෝ දෙනා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවේචන සිදුකර ඇත.
 
මොහුගේ මරණය, කොරෝනා රෝගය සම්බන්ධව මුලින්ම අණාවරණය කිරීමෙන් පසු චීන බලධාරීන්ගේ උදහසට ලක්වූ ලී වෙන්ලියැන්ග් වෛද්‍යවරයාගේ මරණයට සමාන බව විවෙචකයෝ පවසති.
 
වුහාන් හි කොවිඩ් - 19 රෝගීන් 50,000කට වඩා තහවුරු වූ අතර වුහාන් මධ්‍යම රෝහල චීනයේ දරුණු ලෙස බලපෑමට ලක්වූ රෝහල් වලින් එකකි.
 
(බීබීසී ඇසුරිණි - 085)
 



අදහස් (0)

චීන වෛද්‍යවරයෙක් කොරෝනා රෝගයෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 91 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site