කෑමට තිබෙන කොමඩු ගෙඩි තම කුඩා දරුවන්ට ඇදුම් ලෙස ‘‘අන්දවන‘‘ දෙමව්පියෝ චීනයේ සිටී.‘‘කොමඩු ඇගලූම්‘‘ චීනයේ අලූත්ම විලාසිතාවයි.නිරූපණ ශිල්පියෝ කුඩා දරුවෝය.
කොමඩු ඇගළුම් දරුවන්ට ඇන්දවීමට හේතුවක්ද තිබේ.එය නම් මේ දිනවල චීනයේ පවතින උෂ්ණාධික කාලගුණයයි.මෙනිසා වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ කුඩා දරුවන්ය.කොමඩු ඇදුම් ඇගලීමෙන් සැබැවින්ම කුඩාවුන්ට සහනයක් දැනෙන බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනයන්නේයැයි කොමඩු ඇගළුම් තම දරුවන්ට ඇන්දවූ දෙමව්පියන් කියයි.
තම දරුවාගේ දාහය නිවීමට යැයි කියා චීනයේ වෙන්සු ප‍්‍රදේශයේ දෙමාපිය යුවළක් දරුවාට කොමඩු ඇගලූම් අන්දවා එය අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ පසු දැන් චීන දෙමව්පියන් කොමඩු ඇගලූම් ‘‘නිර්මාණය‘‘ කර දරුවන්ට පැළැන්දවීමේ යෙදී සිටී.
කොමඩු ඇගලූම් චීනයේ පරිසරවේදින්ගේද ප‍්‍රසාදයට ලක්ව තිබෙන අතර පරිසර හිතකාමී දාහය නිවාලන ඇගලූමක් ලෙස ඔවුන් ඒවා හදුන්වාදී ඇත.
කෙසේ නමුත් බැක්ටීරියා කි‍්‍රයාකාරීත්වය නිසා මෙම කොමඩු ඇගලූම් ‘‘භාවිතයට නුසුදුසු‘‘ තත්ත්වයට පත්විය හැකි හෙයින් සංවේදී සමක් ඇති කුඩාදරුවන්ට මෙවන් ඇගලූම් ඇන්දවීමට පෙර දෙමව්පියන් දෙවරක් සිතා බැලිය යුතුයැයි සෞඛ්‍ය බළධාරීන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු වැඩක්. ප්‍රායෝගික නැහැ. පොල් කොළ වලින් ඇදුමක් වියලා දැම්ම නම් මීට වඩා සිසිලයි.(නදී)
චිනේ කොහෙද පොල්කොළ රසාදරී.(නදී)
ගොන් කතා කියන කෙනෙක් ඉන්නවා.(නදී)