ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, චීන ජනපති සී ජිංපින් පෙරේදා (8) ඇමෙරිකාවට පැමිණියේය.
චීන ජනපතිවරයා සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර සාකච්ඡුා පැවැත්වුණේ කැලිෆෝනියාවේ කාන්තාරබද ප‍්‍රදේශයක ක්ෂේම භූමියක පිහිටා ඇති රැන්කෝ මිරාජ් නමැති නිවාඩු නිකේතනයේය.
පැය හයකට වැඩි කාලයක් තිස්සේ පැවැති එම හමුව නිල හමුවකට වඩා සුහඳ හමුවක් වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
ජනපතිවරුන් දෙදෙනා අතර වැඩි වශයෙන් කතාබහට ලක් වූයේ දෙරටටම තර්ජනයක් වී සිටින පරිගණක දත්ත හොරුන් නැතිනම් පරිගණක හැකර්වරුන් සම්බන්ධයෙනි. ඊට අමතරව, දෙරටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ද ජනපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡුාවට බඳුන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මොන තරම් පහසුකම් දුන්නත් මදි විශ්වවිද්‍යාල වලට.(නදී)
අද ඇමරිකාවට චීනය නැතුව බැහැ. පසුගිය කාලයේ ඇමරිකාවේ ආර්ථික පහල බැසිම වුන වෙලාවේ චීනය තමා ඇමරිකාවට පිහිට වුණේ (නි)
කපන්න බැරි අත් සිඹිමු. සිබලා කපමු.(නදී)
චිනේ පාලනය පමණක් සමාජවාදී. ඒ කියන්නේ ඡන්ද නැහැ. ආර්ථිකේ ඇමරිකාවට වැඩ ධනවාදී. චිනේ බෙහෙත් ටිකවත් දෙන්නේ නැහැ නිකන්. ලංකාව චීනෙට වඩා සමාජවාදී ඒ අතින් බැලුවම. පාලන ක්‍රමේ මොකක් උනත් ආර්ථික අරමුණු (සල්ලි වලට) තකා ලොකු අය එකතු වෙනවා.(නදී)
ඇමරිකාවයි චීනෙයි කියන්නේ ගහට පොත්ත වගේ. දෙන්නටම දෙන්නව ඕන. එක තම මේ ආර්ථික ක්‍රමේ හැටි. ඇමරිකන් සමාගම් වලට යුරෝපෙට පසු ලෝකේ හොදම වෙළදපොල චිනේ. චිනේ ශ්‍රම බලකායට ඇමරිකන් සමාගම් ලොව හොදම රැකියා ආයතන වේ.(නදී)
චිනේ ජිවත් වෙන අපේ අය දන්නවා ප්‍රාථමික අධ්‍යාපනෙන් පස්සේ ඉගෙන ගන්න මුදල් ගෙවන්න ඕනා. කිසිම බෙහෙතක් නිකන් දෙන්නේ නැහැ. මොකට සමාජවාදී කියනවද මන්දා. ඡන්ද නැහැ, කාටවත් ඉඩම් අයිතිය නැහැ. ඉඩමක අයිතිය අවුරුදු 70. ඊට පස්සේ නැවතත් ආණ්ඩුවට සල්ලි ගෙවන්න ඕනා. ඒ අතින් නම් සමාජවාදී.(නදී)