
චීන හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගෙන ඇති බවත්, සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පසුවන බවත් දැක්වෙන ට්විටර් පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් හමුදා රථ බෙයිජීං අගනුවර වීදිවල සැරිසරන්න වූ බව ද එම ට්විටර් පණිවුඩවල සඳහන් වෙයි. චීනයෙන් පිටවන සහ චීනය බලා පැමිණෙන ගුවන් ගමන් සියයට 60 කින් පමණ හදිසියේ අඩු කර ඇති බවත්, චීන රජයේ ඉහළ නිලධාරීන් බොහෝ දෙනකු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් ට්විටර් පණිවුඩ සංසරණය වී තිබේ.
කෙසේ නමුත්, චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත. පසුගිය දා චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ සංචාරයක නියැළිනි. ඒ, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර ආරම්භ වුණු ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.
‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාපධිති ජින්පින් විදේශ සංචාරයකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාපධිති ව්ලැදිමිර් පුටින් මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එම සමුළුවට සහභාගී වූහ.
2020 වසරේ චීන සහ ඉන්දීය හමුදා අතර පැවැති දේශසිමා ගැටුමින් අනතුරුව, ජනාධිපති ජින්පින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකම සමුළුවකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් දෙදෙනා අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූයේ නැත.
සමුළුව අවසන් වී, යළි චීනයට පැමිණි ජනාධිපති ජින්පින්, නිවාස අඩස්සියට යොමු කළේ නම්, එසේ කරන්න ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් ඔහු නිරෝධානයට යොමු විය යුතු නිසා යැයි ට්විටර් පණිවුඩ ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් කරුණු පැහැදිලි කර තිබේ.
‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය අංශ දැඩි නීතිරිතී පනවා ඇත. විදේශ ගමන් බිමන්වලින් පසු චීනයට පැමිණෙන පිරිස් නියමිත දින ගණනක් නිරෝධානයනට යොමු කිරීම ද සිදුවෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
349
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන ජනපති නිවාස අඩස්සියට? කතාව ඇත්තද?
Perera Sunday, 25 September 2022 08:53 AM
අපේ එක්කෙනාට උණ ගැනේවි ඕවා අහලා. අපේ අනිත් එවුන්ට බඩ යාවි බයට.
sampath Monday, 26 September 2022 09:16 PM
ලංකාව අමාරුවේ දැම්මට දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදෙන්න ඕනේ..!